(ඩී.ජී.සුගතපාල සහ සිරංගිකා ලොකුකරවිට)
අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබන එකම පවුලේ ළමයින් දෙදෙනෙකුගේ මවට සහ පියාට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (24) තහවුරුවීම නිසා එම පන්ති දෙකේ සිසුන් සහ ගුරුවරුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට උපදෙස් දුන් බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ.සිංගාරච්චි මහතා පැවසීය.
නව පාසල් වරාය ආරම්භ වීමෙන් පසු, ඊයේ (23) දිනයේදී එම සිසුන් පාසල් වෙත පැමිණ තිබිණි.
අම්බලන්ගොඩ තිලකපුර පදිංචි මෙම සිසුන්ගේ පියා ආරක්ෂක අංශ සාමාජිකයෙකි. ඔහු ඉකුත් 16වන දින නිවසට පැමිණිමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදි ඊයේ දහවල් ඇතිවු හදිසි අසනීප තත්වයක් පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර ඇත.
වහාම ගිලන් රථයකින් ඔහු කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර එහිදි කරන ලද පී.සී.ආර්.පරික්ෂණයේදි ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ. මේ හේතුවෙන් ඔහුගේ බිරිඳගේද පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කර ඇත. එහිදි ඇයටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මේ නිසා එම සිසුන් දෙදෙනාගේද පී.සී.ආර්.පරික්ෂණ හෙට(25) දිනයේ සිදු කරන බවත් එහි වාර්තා ලැබෙන තෙක් පාසල් දෙකේ 9 සහ 11 ශ්‍රේණිවල සිසුන් 30දෙනෙකු සහ ගුරුවරුන් 8දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකළ බවත් එම පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් වෙනුර කේ.සිංගාරච්චි මහතා පැවසීය.
COMMENTS
කවුද කෙනෙක් කිව්වා නේද වගකීම බාරගන්නවා කියලා? පාසල් පටන් ගන්න ඉස්සෙල්ලා.
ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි...
අර ලියන්න කියලා කෙනෙක් වගකීම ගන්න කිව්වා නේද?
යස අගේට ගෙවල් වලට වෙලා ආරක්ෂිතව හිටපු ළමයි ටික මේ හදිසියේ ගෙන්නලා කරපු විනාශයක හැටි. තව ටික දවසක් බලලා පාසල් ටික පටන් ගන්න නේද තිබුණේ?
රජය අනිවාර්යෙන්ම මෙහි වගකීම බාරගත යුතුය. අනෙක් රටවල පාසැල්වල කොරෝනා සමයේ සුරක්ෂිතතාවය සඳහා මාස්, අත්මේස් විෂබීජ නාශක දියර වෙනුවෙන් රාජ්‍ය මුදල් යොදවති. අප රටේද මෙය අනිවාර්යයෙන්ම විය යුතුය. 72 නිදහස ලබලා මාස 6ක් මිනිස්සුන්ට කන්න දෙන්න කිසි පාලකයෙකුට රට දියුණු කරගන්න බැරිවුණා. වෙන රටවල ඔලුවට කිරන අල්ල අල්ලා ඉන්නෑ. ස්වයංක්‍රීයව උණ පරීක්ෂා වෙනවා. ස්වයංක්‍රීයව එය කියනවා. පිස්සු පාලකයින් එදත් අදත් ඉන්නවා...
අධ්‍යාපනය බාරදෙන්න ඕන පොලවේ පය ගහලා පුරුදු ඩලස් වගේ කෙනෙකුට. දැන් පේනවනේ වෙලා තියෙන තත්ත්වය. ටයි කෝට් දාගෙන A/c කාමරේ ඉන්න අධ්‍යාපන ඇමති කෙනෙකුට මේ වගේ අවදානම් කොළඹින් පිට තියෙනවා කියලා තේරෙන්නේ නෑ...