
(එම් .සුසිල් ප්‍රියන්ත)
මාසික සභා රැස්වීම නීත්‍යනුකූල නැතැයි කියමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව හේතුවෙන් අද (6) උදේ පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම ආරම්භ කොට විනාඩි 10 කින් පමණ අවසන් කිරීමට සභාපති අරුණ ප්‍රදීප් මහතාට සිදුවිය.
මාසික සභා රැස්වීම ආරම්භයේ සිටම පාලක පක්ෂය නියෝජනය කරන සරත් ශ්‍රී ලාල් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමණ යන ඒකාබද්ධ විපක්ෂයේ සියලුම බහුරත මන්ත්‍රීවරුන් මෙවර රැස්වීම නීත්‍යානුකූලව නැතැයි කියමින් කෑකෝ ගැසීමත් සමගම දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවුහ.
මේ විරෝධතාවයේ යෙදී සිටි සියලුම මන්ත්‍රීවරුන්ට සභාව පවත්වා ගෙන යාමට වාඩිවන ලෙස අවස්ථා කිහිපයකදීම සභාපති අරුණ ප්‍රදීප් මහතා ඉල්ලීම් කළත් නෑසු කන් ඇති අයමෙන් ඔවුහු අඛණ්ඩව විරෝධතාවයේ යෙදී සිටියහ.
මේ සමගම විරෝධතාවයේ යෙදී සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා සුළුතරයක්වූ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම් කතාබස් ඇතිවූ අතර එක මන්ත්‍රීවරයකු පානීය වතුර බෝතලයකින් තවත් මන්ත්‍රීවරයෙකුට පහරදීමට උත්සහ කළ අයුරු ද දක්නට ලැබිණ.
පැවති මේ උණුසුම් තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකිවූ සභාපති අරුණ ප්‍රදීප් මහතා සභා රැස්වීමේ වැඩ කටයුතු අවසන් බව දන්වමින් සභා ගර්ඹයෙන් ඉවත්ව ගියේය.



2025 දෙසැම්බර් මස 30
18
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
701
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අම්බලන්ගොඩ නගරසභාව උණුසුම් වෙයි