(නිමන්ති රණසිංහ)
අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ඇත.
එම විෂය පථයන් ඊයේ (05) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය වනු ඇත.
මීට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පැවති අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවතුණේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේය.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවතිණ.
ඊට අමතරව තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පැවති කාර්මික තාක්ෂණ ආයතනය අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යාංශය යටතට පවරා ඇති බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd