(අජන්ත කුමාර අගලකඩ)
ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යධූරයත් , නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යධූරයත් එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් අතර ජනාධිපති කාර්යාල අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ (03) වැනිදා රාත්‍රීයේ පැවැති විශේෂ හමුවේදී ජනාධිපතිවරයා මෙම එකඟතාව පළකර ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
ජනමාධ්‍ය කැබිනට් ඇමැතිධූරය සහ නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍යධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාදීම තමාට ගැටලුවක් නොවන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවද වාර්තාවේ.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති විශේෂ සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාද සහභාගි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ කිට්ටු වෙද්දී මේ කැහැපට ගහන්නේ මොකටද කියලා තේරුම් ගන්න බැරි හැටි...?
නීතිය සහ සාමය සරත් ෆොන්සේකාට දීලා බලමු නේද? කෙලින්ම කතා කරන්නේ එතුමා විතරනේ දැන් .
දැන් දැන් පේනවා පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම මේ මුළු ආණ්ඩුවේම වරද බව. දැන් පැලැස්තර දානවා.
වැඩ අනාගත්ත ජනපති දැන් ඇඟ බේරගන්න හදනවා නේද.
ඇමතිකම් වලට මරාගන්නවා ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද?
නීතිය හා සාමය රකින්න පුළුවන් කෙනෙකුට ටික කලකට හරි ඔය තනතුර දෙන්න ඕන. ආරක්ෂක හමුදාත් එක්කම. එහෙම වුනානම් ඔය ප්‍රහාර එන්නේ නැහැ.
හරකුන් කොහොබ පැලය ගිලිනවා අප අසා නැත... සැමවිට හැරෙන්නේ හරකුන් කෙසෙල්, පොල් වලට.. ටකරං, පත්තර ගිලිනා හරකුන් නැතුව නොවේය.. එනමුත් කකුල් දෙකේ හරකුන් සැමදා වාසනාවකි රටට..
කවුද කිවුවේ මමත් පත්තරෙන් තමයි දැක්කේ කියාද දන්නේ ..?
කෙල වුණාම සිංහයොත් තණකොළ කයි වගේ නේද බන්....?
මැරුණත් අගමැතිකම නම් රනිල්ට දෙන්නේ නැහැ කියලා අන්තිමේට කිච වුනා වගේ... ආරක්ෂක ඇමති කමත් ෆොන්සේකා මහත්තයට දීලා දායිද දන්නේ නැහැ? අද අපට ආරංචි වුණා.. ජනාධිපතිතුමා ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී "එජාපය හරි මඟට පැමිණ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කරන්නේ නම් ඔහුට සහාය දැක්වීමට තමන් සූදානම් බවට" ඉඟියක් කර ඇති බව.... කෙසේවෙතත් "මෙය අසත්‍යයක් බවත් එය ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකි පාර්ශවයන් විසින් සිදුකරන නොමග යැවීමක් බවත්" ශ්‍රීලනිපයට සම්බන්ධ වෙබ් අඩවියක් වාර්තාකර ඇති බවයි... මෙම ආරංචිය වාර්තා කරන "ලංකා නිව්ස්" වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ....