එක්සත් ජාතික පෙරමුණු රජයේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.
මෙම අවස්ථාව ආවරණය කිරීමට ජනමාධ්‍ය වෙත අවස්ථාව ලැබී නැත.
දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය මෙසේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා - ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය
ජෝන් අමරතුංග මහතා - සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි අමාත්‍ය
ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා - බුද්ධශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය
මංගල සමරවීර මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය
රාවුෆ් හකීම් මහතා - නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය
තිලක් මාරපන මහතා - විදේශ කටයුතු අමාත්‍ය
රාජිත සේනාරත්න මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
රවී කරුණානායක මහතා - විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
වජිර අබේවර්ධන මහතා - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
රිෂාඩ් බදියුදීන් මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූවන් නැවත පදිංචිකිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
පාඨලී චම්පික රණවක මහතා - මහනගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
නවීන් දිසානායක මහතා - වැවිලි කාර්මාන්ත අමාත්‍ය
පී. හැරිසන් මහතා - කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
කබීර් හෂීම් මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
රංජිත් මද්දුම බණ්ඩාර මහතා - රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
ගයන්ත කරුණාතිලක මහතා - ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
සජිත් ප්‍රේමදාස මහතා - නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
අර්ජුන රණතුංග මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය
පී දිගම්බරන් මහතා - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය
චන්ද්‍රානි බණ්ඩාරනායක මහත්මිය - ළමා හා කාන්තා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය
තලතා අතුකෝරල මහත්මිය - අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
අකිල විරාජ් කාරියවසම් මහතා - අධ්‍යාපන අමාත්‍ය
අබ්දුල් හලීම් මහතා - තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
සාගල රත්නායක මහතා - වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය
හරීන් ප්‍රනාන්දු මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් , විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය
මනෝ ගනේෂන් මහතා - ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
දයා ගමගේ මහතා - කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය
මලික් සමරවික්‍රම මහතා - සංවර්ධන, උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය ඒකකය)
(තරිඳු ජයවර්ධන)
අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා හැරුණු විට මන්ත්‍රීවරුන් 28 දෙනකු දිවුරුම් දීමට නියමිත බව දැනගන්නට තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි
රේණුකා මුදලිගේ Thursday, 20 December 2018 04:28 AM
නව අමාත්‍ය මණ්ඩලයට සුභ පතනවා.
Nimal Muscat Thursday, 20 December 2018 04:49 AM
ඉතාමත් විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයක් බව පේනවා.
rathnayake Thursday, 20 December 2018 05:23 AM
ජයවේවා රට පෙරට
Tikka Thursday, 20 December 2018 05:51 AM
ලංකාව වගේ කොහෙවත් නැතුව ඇති මේ වගේ කැබිනට් හදන තැනක්, අඩු කලකින් වැඩිපුර කැබිනෙට්
Hafeel Thursday, 20 December 2018 06:51 AM
මේක විද්‍යාත්මක ඇමති මණ්ඩලයද? රාජපක්ෂ ආණ්ඩුවට එදා දොස් කිව්වා 65% විෂයන් බැසිල් රාජපක්ෂ යටතේ කියල. අද රනිල් යටතේ විෂයන් කීයද?
දිලුම් Thursday, 20 December 2018 07:00 AM
36 ක් නෙමෙයි 56ක් හිටියත් මුන් එකෙක්ගෙන්වත් රටට වැඩක් නෑ. මේ එකෙක්වත් එන්නේ රටට ආදරේකට නෙමෙයි උන්ට හැදෙන්න.
suresh Thursday, 20 December 2018 07:00 AM
හොරකම නොවෙයි ප්‍රශ්නේ පෞද්ගලික තරහවයි කියලා ප්‍රශ්නෙ කියලා ඇමතිකම් දීම,නොදීම තුළින් තවත් තහවුරු විය.......
Nissanka Thursday, 20 December 2018 08:50 AM
යෞවන කටයුතු දෙන්න තරුණයෙක් හිටියෙම නැද්ද අප්පා?
Nissanaka Thursday, 20 December 2018 08:57 AM
මෛත්‍රීගේ ලණුව කාලා විජේදාසටත් යන එන මං නැතිවුණා...
Madushanka Lakmal Thursday, 20 December 2018 10:43 AM
මාතලේ, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, පුත්තලම යන දිස්ත්‍රික් හයක් සඳහා කිසිඳු කැබිනට් නියෝජනයක් නොමැත.
Pulathisi Thursday, 20 December 2018 10:50 AM
ක්‍රීඩා අමාත්‍යවරයා කරන දෙය බලමු..
කරුණාපාල Thursday, 20 December 2018 01:15 PM
අගමැතිතුමාගේ උපදෙස් මත, යසඅගේට දැන් නව කැබිනට් මණ්ඩලය පත් කරලා තියෙන්නේ? ජනාධිපති වුණත්, ඇඟිල්ලේ තරමටයි ඉදිමෙන්න ඕනෑ" කියලා දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි.
රවිඳු Thursday, 20 December 2018 01:22 PM
සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබද ඇමතිකම දිය යුතුයි කියා මම යෝජනා කරමි.
Nalaka Thursday, 20 December 2018 07:14 PM
මේකට නඩු කියපු ජයම්පති මහත්තය නැද්ද? හරි නම් අධිකරණ ඇමතිකම දෙන්න වටිනවා එතුමාට.