IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අමාත්‍ය මණ්ඩල විෂය පථ ඇතුළත් ගැසට්ටුවේ සංශෝධනයක්

(අංජුල මහික වීරරත්න)
 

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ තීරණය  කරමින් නිකුත් කෙරුණු ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට රජය  තීරණය කර තිබේ.
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් විසින් අවස්ථා කිහිපයකදී  පවත්වනු ලැබූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අමාත්‍ය විෂය පථ ගැසට් පත්‍රය සංශෝධනය කෙරේ.
 
 සංශෝධිත ගැසට් පත්‍රය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  යටතට පැවරූ අමාතයංශ යටතේ ඇති විෂය පථයන් කිහිපයක් අනෙකුත් අමාත්‍යවරු යටතට පැවරීමට නියමිතය.
 
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට රාජ්‍ය බැංකු හා රාජ්‍ය වතු ස්ථිර වශයෙන්ම පවරා දීමට අපේක්ෂිතය.
 
ඊට අමතරව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ  ගැසට් කර තිබෙන අයතන කිහිපයක් තවත් ප්‍රධාන අමාත්‍යවරයකුගේ විෂය පථයට යටත් කිරීමට නියමිතය.



අදහස් (6)

අමාත්‍ය මණ්ඩල විෂය පථ ඇතුළත් ගැසට්ටුවේ සංශෝධනයක්

සුරංග Thursday, 03 January 2019 08:33 AM

මේ අය රට අච්චාරුවක් කරලා නවතින්නෙ.

:       7       85

Bishan Thursday, 03 January 2019 09:21 AM

මේ රට අච්චාරුවක් කරේ සිරිසේන ජනාධිපතිතුමා.

:       519       530

Sanath Kandy Thursday, 03 January 2019 09:31 AM

අමාත්‍යංශ හා ඒවාට අයත් විෂයපථ විද්යානුකුලාව සකසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කළ යුතුයි. වරින් වර එකිනෙකට ඕන ඕන විදිහට වෙනස් කළ නොහැකි පරිදි.

:       15       454

Hafeel Thursday, 03 January 2019 10:16 AM

කෑම බුෆේවල තියන හොඳ හෝ නරක සියලුම කෑම වර්ග රස වින්දා වගේ තමයි මේ ජනාධිපතිගේ වැඩ. ව්‍යවස්ථා තියන, නොතියන සියලු දේවල් මේ වෙනවිට කල අවසන්. සංශෝදන, දිවුරුම් වලින් පිරිලා.

:       0       0

Ramendra Thursday, 03 January 2019 12:13 PM

ජනාධිපතිතුමාගේ සහෝදරයා සභාපති වෙලා ඉන්න ටෙලිකොම් විෂය පථය අයිති කාටද?

:       0       0

Bamunuarachchi Saturday, 05 January 2019 09:37 AM

Bishan, සිරිසේන නොසිටින්න රනිල් රටකාලා සිංගප්පුරු යනකම්ම අපි දන්නේ නැතිවේවි!!! සිරිසේන දුන්නේ බිරින්දෑව ළඟතියලම.. මොකෝ බොරුයි කීවද නැහැ කීවද? ඔක්කොම බාරගත්තා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 784 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site