
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය ඇමැතිධූරයෙන් ඉවත් කිරීම තමාට ලොකු දෙයක් නොවන බවත් නීතිඥයකු වන තමා හෙට සිට අධිකරණයේ රාජකාරියට යන බවත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
එදා දෙල්කඳ පොළේදී ගත් ලොතරැයිය තමාට ඇදුණු බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍යවලට අදහස් දක්වමිනි.
සුසිල් ප්‍රේම ජයන්ත මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා කියලා මට ආරංචි වුණා. මට ප්‍රශ්නයක් නෑ. ඕවා ඉතින් එච්චර ලොකු දේවල් නොවෙයි.මම ඇමතිවරයෙක් වුණේ 2000 අවුරුද්දේදී ජනාධිපතිවරු තුන්දෙනෙකු යටතේ මම වැඩකරලා තියෙනවා.මට වෘත්තියක් තියෙනවා. ඒක තමයි නීතිඥ වෘත්තිය. මම හෙට ඉඳලා එකේ එම වෘත්තියේ කටයුතුවල යෙදෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජ තියෙන ආත්ම ගරුත්වයක් ඇති මිනිසෙකුට තමන් එලියට ඇද දැමු නායකයා සමග හිටිය හැකිද. මෙි අයට මොන ආත්ම ගරුත්වයක්ද අවශ්‍ය සැප ගන්න විතරයි.
ඔබතුමා ආණ්ඩුවේ හිටියත් කතා කෙරුවේ සජිත්ටනේ.
ඇමතිකම් හොඳටම කළා... බාල පෙට්‍රල් බෙදුවා.
සුසිල් මහතා ඔබ යහපාලනය කාලයේ ඉතාමත් හොදින්ම වැඩකලේ දක්ෂ විදියට .එහෙම තියෙද්දි නුඹලාගෙ රටට වඩා පක්ෂය ලොකුවෙලා පොහොට්ටු වලට පැනල ගියා .ඒ නිසා දැන්වත් සිතට එකගව කල්පනාකර බලන්න රනිල් කරන්න හැදුවෙ මෙහෙම විනාශයක් නොවෙයි නේද කියලා රට විනාශයට ඉඩ දුන්නට නුඹට ඔහොම වෙලා මදි.
රට වෙනුවෙන් කැපවීමේ තරම දැන් පේනවා නේද.
සේවා නූලට ගිනි ඇවිලී ඇත !!!
පුලුවන්නම් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්න.
සේරටම කලින් කියනවද තමන්ගේ අමාත්‍යාංශයේ තමන් අවුරුදු 2ට මොනවද කලේ කියල. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කළාද. නිකං බොරුවට කතා කරන්න එපා. ඉවත් කරපු එක හොඳයි
රට වෙනුවෙන් වැඩ කරනවා යනු රාජපක්ෂලා වෙනුවෙන් වැඩ කිරීම නොවේ යයි වටහාගන්න.
තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා නේද තමන් කල කී දේවල්?
පුලුවන්නම් විපක්ෂයේ ගිහිල්ලා වාඩිවෙලා පෙන්නන්න. දැන් පෙරලුණු පිට හොඳයි කියලා වැඩක් නැහැ. දණගාගෙන, බඩගාගෙන ගිහින් රාජ්‍ය ඇමතිකම කරපු මනුස්සයෙක්නේ මේ...
සර්ට පයින් ගහලා එළෙව්වා නේද?
චන්දන රාජ්‍ය ඇමැති කෙනෙක් කියන්නේ තනතුරක් විතරයි... බලයක් නැත.. මෝඩ කතා කීමෙන් වළකින්න.