
(විමුක්ති එස් රුද්‍රිගු)
හෙලෝ ස්පේස් අභ්‍යවකාශ සංචාරක සමාගම 2025 වසරේ සිට බැලූනයක් ආධාරයෙන් සංචාරකයින් අභ්‍යවකාශයට රැගෙන යාමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.
වායු පිරවූ බැලූනයකට සවිකළ වෘත්තාකර කැප්සියුලයක් මගින් වරකට සංචාරකයන් 8 දෙනෙක් අභ්‍යවකාශය වෙත රැගෙන යාමට හේලෝ ස්පේස් සැලසුම් කර ඇති අතර ගමන සඳහා එක් ටිකට් පතක මිල ඇමෙරිකානු ඩොලර් 98000 (ශ්‍රී ලංකා රුපියල් 35,951,535.20) සිට 196000 (ශ්‍රී ලංකා රුපියල් 71,903,070.40) අතර වන බව හේලෝ ස්පේස් සමාගම ප්‍රකාශ කළේය.
අංශක 360 ක දර්ශනයක් සහිත කැප්සියුලයක් නැගී අභ්‍යවකාශයේ සිට පැය 4 - 6 ත් අතර කාලයක් පෘතුවියේ සහ අභ්‍යවකාශයේ සුන්දරත්වය නැරඹීමට ලැබෙන මේ අවස්ථාව සංචාරකයාගේ ජීවිතය වෙනස් කරනු ඇති බව හේලෝ ස්පේස් සමාගම පවසයි.
පළමු පර්යේෂණ ආකෘතිය දෙසැම්බර් තුන්වන සතියේ ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පිහිටා ඇති ටාටා මූලික පර්යේෂණ ආයතනයේදී අභ්‍යවකාශ ගත වනු ඇතැයි හේලෝ ස්පේස් සමාගම ප්‍රකාශ කළේය. පර්යේෂණ චාරිකා සාර්ථක වුවහොත් 2029 වසරේ සිට වාණිජ ගගන සවාරි වසරකට 400 ක් ක්‍රියාත්මක කිරීමට හේලෝ ස්පේස් සමාගම සැලසුම් කර ඇත.
පර්යේෂණ චාරිකාවලදී පෘථිවියේ දෙවැනි වායු ස්ථරය දක්වා කැප්සියුලය රැගෙන යාමට බලාපොරොත්තු වන බව හේලෝ ස්පේස් සමාගම පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදමූලනේ ඉන්න රොකට් කාරයාටත් යන්ඩ අවස්තාවක් ලැබෙයි නේද. අපි දන්න වෙන ගගනගාමිලත් නැහැනේ ?
නෙළුම් කුළුනට නැග්ගම තව්තිසාව පේන අපිට ඕක සුලු දෙයක්.
ඔච්චර සල්ලි වියදම් කරන්නේ මොකටද. එන්න කියහල්ලා ශ්‍රී ලංකාවට. අභ්‍යවකාශය නෙමෙයි තව්තිසාවත් පෙන්නන්න පුළුවන්. එතකොට අනිත් රටවල එවුන්ට හික් ගෑවෙයි එහෙව් රටක නේ මුං ඉන්නේ කියලා. උන් දැන් අභ්‍යවකාශය බලන්න යන්න දඟලනකොට තව්තිසාව බලන්න කාගෙත් අප්පච්චි මේ රටේ වාසනාවන්තයින්ට බලන්න සැකසුවේ ගියෙ මීට දශක ගණනාවකට කලින්.
අරගලය ආවේ නැත්නම් ඕක කරන්නේ අපේ චිචී බබා.
ලංකාවෙත් අභ්‍යවකාශ තරණය පිළිබඳ ආචාර්ය උපාධියක් ගත්තු කෙනෙක් ඉන්නවා. මත්තල ගුවන් තොටුපොළ තියෙන පළාතේ .ඔන්න ගන්නවානම් උපදෙස්?