(රංජන් කස්තුරි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කළ පසුව සිසුන් 260 දෙනකුගේ සමාර්ථ වෙනස් වූ බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.

උසස් පෙළ ප්‍රතිඵාල නැවත සමීක්ෂණයේදී සාමාර්ථ වෙනස්වීම ප්‍රතිශතාත්මකව ගත් කළ සියයට 0.4 වන බව ද ඔහු සඳහන් කළේය.

සෑම වසරකම ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේදී යම් ප්‍රමාණයකින් ප්‍රතිඵල වෙනස්වීම සිදුවනු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.