(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවකු සමඟ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වේයන්ගොඩ හල්ගම්පිටිය ප්‍රදේශයේ මෙහෙයුමක් සඳහා ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධියක දී වෙඩි පහරට ලක්ව එම සැකකරු අද(28) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මියගොස් ඇත්තේ වේයන්ගොඩ බාඳුරාගොඩ පදිංචිව සිටි අපරාධ රැසකට සම්බන්ධ නිශාන්ත කුමාරසිරි නැමැති 38 හැවිරිදි පුද්ගලයකි.
එහිදී පොලිස් කොස්තාපල්වරයෙකු ද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කළ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයකු එය අත්පා වෙන් වන ආකාරයෙන් කපා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම චෝදනාව යටතේ ඉකුත් 19 වෙනිදා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම සැකකරුට විරුද්ධව මේ වන විට මහාධිකරණ නඩු තුනක් විභාග වෙමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න විසඳන පහසුම ක්‍රමයක්... !!
69 ලක්ෂය පිනවීමේ මහා මෙහෙයුම... සර් උඩින්ම පාස්.
ඔන්න ඔහොම අඩුකළොත් පාතාලය නැතිවේවි...!!!
ආවානම් ඉතින් සාධාරණ තීන්දු...
අත්අඩංගුවේ සිටින සැකකරුවන් සමග මෙහෙයුම් කරන ලෝකේ එකම පොලිසිය.
"...මෙම සැකකරුට විරුද්ධව මේ වනවිට මහාධිකරණ නඩු තුනක් විභාග වෙමින් පවතින බවකි. නියෝජ්‍ය පොලිස්පතිවරයා " ... ඒ නිසා අපි එයාව සැඟවූ අයුධ හොයන්න අරන් ගියා " යයි වැඩිදුරටත් පැවසීය.
අනුන්ට අයිති අවයව කපන්න තරමට සිත්පිත් නැති මේ මුර්ගයා වෙනුවෙන් වෙඩි උණ්ඩ පාවිච්චි කිරීම අපරාදයක් ලෙස පෙනෙන්නේ අපට පමණද..? පුදුමයි NGO "හැත්ත" කිසි හා... හුවක් නැහැ....
මීට ඉස්සර වෙඩි තියලා දාන්න තිබුණේ... හිත හොද මිනිස්සු කී දෙනෙකුට කරදරද?