
(අංජුල මහික වීරරත්න)
මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් මාසයක් ගානේ මුදල් එකතු කළ මන්ත්‍රීවරුන් ගැන ඔවුන් හෙළිදරව් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
බදු මුදල් එකතු කරන්නා සේ මාසයක් ගානේ අපරාධ කරුවන්ගේ නිවෙස් වලට ගොස් මන්ත්‍රීවරුන් මෙලෙස මුදල් එකතු කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
සමහර ඇමතිවරු මාස් පතා මෙම අපරාධ කරුවන් ගෙදරට ගෙන්නා ගෙන තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා වැඩ ඇරැඹීමේ උත්සවය අද (17)අමතමිනි.
මෙම සංවිධානාත්මක අපරාධ කල්හි මතුපිටින් තිබෙන රාජ්‍ය හා සමාන කළු රාජ්‍යයක් නිර්මාණය කර තිබූ බව කී ජනාධිපතිවරයා රටෙි නීත්‍යනුකූල හමුදාව විසින් ඔවුන්ට අවි ආයුධ ලබා දී ඇති බව අනාවරණය කළේය.
"කුඩු මැඩ පැවැත්වීම සඳහා සිටින පොලිසිය විසින් ඒ අපරාධකරුවන්ගේ කුඩු ප්‍රවාහනය කළා.අපරාධ මැඩ පැවැත්වීමට ප්‍රතිපත්තියමය එකඟතාවයක් තිබෙන දේශපාලන අධිකාරිය විසින් ඔවුන්ට රැකවරණය ලබා දුන්නා.නීති විරෝධී පාස්පෝට් වැලැක්වීමට සිටින ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඔවුනට පාස්පෝට් හදා දී තිබුණා.නීත්‍යානුකූලව මෝටර් රථ ලියාපදිංචි කිරීමට තිබෙන ආයතනය විසින් ඔවුන්ට මෝටර් රථ ලියාපදිංචි කරදී තිබුණා.
එමෙන්ම ඔවුන්ට එම ආයතන විසින් නීතියේ රැකවරණ ද ලබා දී තිබුණා" යනුවෙන් ද ජනාධිපතිවරයා එහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල "දවසේ වෙඩිල්ල" නැවතිලා වගේ නේද?
ඔයාගේ සාහිත්‍ය පොත් කියැවීම ඔයා තියා ගන්න. ඕවා පෝය දෙකෙන් ඉවර කරනවා කිව්වේ ඔයාලාමයි. ඒ පොරොන්දු ඉටු කරන්න ඝෝෂා එපා. අපි මේ දවස්වල දකිනවා ඔයා කිසිම වචනයක් නොකියන මාලිමාවේ ලොක්කන්ගේ පුදුම සහගත වත්කම් ප්‍රකාශ. ඒවා බැලුවම හිතෙනවා ලංකාවෙන්ම ලොකුම පෝසත්තු නේද මේ කියලා. ඔයාලගේ වරප්‍රසාද විඳින කීප දෙනෙක්ට හැර ඡන්දේ දීපු බහුතරේකට අද පාන් කියා ගන්නවත් බෑ. එන්න එන්නම තත්වේ දරුණු වෙනවා. ඔවුන්ගේ අනාගතේ අඳුරුයි.
බයිලා එපා... වැඩ තමයි ඕනේ...
ඔබට 2/3 බහුතරයක් ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂකයින්ට දඬුවම් කිරීම සඳහා ඔබ දැඩි නීති සංග්‍රහයක් ගෙන නොඑන්නේ ඇයි? මෙම ක්‍රමය පවත්වා ගෙන ගොස් වින්දිත කාඩ්පත ගැන කතා කිරීමට ඔබට අවශ්‍යද? ඔබේ කණ්ඩායම පාලනය භාර ගන්නා විට ඔබේ බුද්ධිය සහ සියල්ල පිළිබඳ තියුණු විවේචනාත්මක විශ්ලේෂණය කොහෙද?. එය ක්‍රියාත්මක කර පසුව කතා කරන්න. ඔබේ පාලනය විසින් පවසන ලිලිපුට්වාදී කතා අපට බොහෝ අසන්නට ලැබේ, නමුත් ප්‍රායෝගිකව ඔබ තවමත් ඔබේ අකාර්යක්ෂමතාව ????. ඔබ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය නොකරන්නේ නම්, කුණු කතා නොකියන්න. ඔබ ජනාධිපති මිස මන්ත්‍රීවරයා නොවේ.
තවත් අපරාධ තිබෙනවා. වර්ජන නොකරන්න නම් කප්පමක් ගෙවන්න කියලා එක්තරා බලවත් පක්ෂයකින් තර්ජන කරලා කරන මුදල් ගැරිල්ල. මේක අපරාධයක් නොවෙයිද? මන් හිතන්නේ නැහැ ආණ්ඩුව කවදාවත් ඔය ගැන හොයාවි කියල.
තවත් අපරාධ තිබෙනවා. වර්ජන නොකරන්න නම් කප්පමක් ගෙවන්න කියලා එක්තරා බලවත් පක්ෂයකින් තර්ජන කරලා කරන මුදල් ගැරිල්ල. මේක අපරාධයක් නොවෙයිද? මන් හිතන්නේ නැහැ ආණ්ඩුව කවදාවත් ඔය ගැන හොයාවි කියල.
එහෙව් දේවල් කරපු අපතයන්ගේ, දැන දැන කක්කා හෝදනනේ බත්කන හරක්ම විතරමයි
අපරාධ වලට උදව් දුන්න අය ඉන්නවා නම් අනිවාර්යෙන්ම දඬුවම් කරන්න ඕන. ඒත් දැනට නීතිය එක පැත්තකට විතරක් ක්‍රියාත්මක වෙන විදිය දැක්කම මහින්දගේ කාලේ මර්වින් සිල්වා හිටිය විදියට අද රජයේ ඇමැතිවරු එකෙක් දෙන්නෙක් නෙමෙයි බහුතරයක් හිතුමනාපේ දූෂිත වැඩ කරගෙන යන බවක් පැහැදිලිවම පේනවා. ඒ මදිවට පොලිසියත් හතර අතේ මාරු කරනවා.
ජනාධිපතිතුමෝ හැකි ඉක්මනින් ඔවුන්ව හෙලි කරන්න. රටට ජාතියට ආදරයක් නැති කාලකණ්ණි.
ලංකාවේ අපරාධ රාජ්‍ය ඇතිවෙන්න අත්තිවාරම දැම්මේ 1971 ජවිපෙන්. ඊට පස්සේ අපරාධ රැල්ලක් ඇතිවෙන්න තුරු රට අරාජික කරන්න කටයුතු කලේ ජවිපෙ. දැන් බලය ලැබුනට පස්සේ කුඩු, ආයුධ කන්ටේනර් වරායෙන් පන්නලා පාතාල මිනීමැරුම් නිදැල්ලේ කරගෙන යන්න ඉඩදීලා තියෙන්නෙත් ජවිපෙ. එහෙම බැලුවම මේ ප්‍රකාශය කරන්නේ අපරාධ රාජ්‍යයේ ගෝඩ්ෆාදර් කෙනෙක්ද?
සාටක මාෆියාව
ඇතැම් ජනාධිපතිවරුන් පවා ඔවුන්ට ශක්තිය ධෛර්යය ලබා දුන්නා. ඔන්න ජනාධිපතිතුමාගේ කතාවට ඌණ පූරණය මම ගානේ.
දැන් බලාගෙන ගියාම අවුරුදු තිස්පහක් හතලිහක් විතර රට පාලනය කරලා තියෙන්නේ පාතාලයෝනේ, කෝ මේ මැදමුලන හා කෙසෙල්වත්තේ කසළ ශෝධකයෝ ?
හැමදා සේ බාගයක් නොකියා ඔය කියන ඈයෝ ගේ නම් ගම් පිටින් හෙලි කරන්න . මොනවා හෝ විරුද්ධ පක්ෂයට විරුද්ධව කිව යුතු යැයි සිතා පරණ පුරුදු ක්‍රියාවලිය කරන්න එපා. ඒක ජනපති කෙනෙකුට ගැළපෙන්නේ නැහැ. දැනටමත් වැටී ඇති ප්‍රතිරූපය තවත් විනාශ කර ගන්න එපා .