
(බී.ජී.චතුරංග)
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය වහා ඉවත් කරන ලෙසත් හා කොතලාවල පනත හකුළා ගන්නා ලෙසත් ආණ්ඩුවට බල කරමින් ගුරු සහ විදුහල්පතිවරුන් දෙදහසකට ආසන්න පිරිසක් අනුරාධපුර නගරයට පැමිණ අද දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
ගුරුවරුන් සිරගත කර මෙම අරගලය කඩාකප්පල් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් එවැනි ක්‍රියා මගින් මෙම අරගලය තවත් ශක්තිමත් වන බවත් උද්ඝෝෂකයෝ මෙහිදී පැවැසූහ.
පසුගිය කාලවලදී ගුරුවරුන් පක්ෂ පාටවලට බෙදී ගුරු සංගම්වලට බෙදී අරගල කළත් වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති සහ ඇතැම් නූගත් ඇමතිවරුන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ගුරුවරුන් එක පවුරක් සේ එකට එකතු වී සිටින බව ඔවුහු මෙහිදී පැවැසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd