( බී.ජී. චතුරංග)
අනුරාධපුර නගරයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකුගේ නිවාසවලට සහ අනුරාධපුර නගරාධිපති, ඇතුළු නාගරික මන්ත්‍රීනියකගේ මිනිස් නිවාස වලට පහරදී අලාභ හානි සිදු කර, ගිනි තබා අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට චීවරධාරියෙකු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයන් 22 ක් අද (15) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර නගරයේ මිහිඳුපුර, දහයියාගම, මාතලේ හන්දිය, කුරුන්දන්කුලම, මිහින්තලේ, දෙකේ කණුව, නොච්චියාගම, තඹුත්තේගම, ගල්කිරියාගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් 53 ත් අතර වියේ පසු වන්නන් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අනුරාධපුර කුරුන්දන්කුලම ප්‍රදේශයේ පන්සලක හිමි නමක් සහ අනුරාධපුර නව නගරයේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකුද සිටින බව පොලීසිය සඳහන් කළේය.
අනුරාධපුර නගරයේ කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් පසුගිය 9 වන දා රාත්‍රියේ සිට පසුදා අලුයම වන තෙක් හිටපු අමාත්‍යවරුන් වන චන්න ජයසුමන, ශෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක, එස් එම් චන්ද්‍රසේන යන මහත්වරුන් ගේ සහ අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්. පී. සෝමදාස ඇතුළු නාගරික මන්ත්‍රීවරියකගේ නිවාස වලට පහර දී, දේපළ වලට අලාභ හානි සිදුකර ගිනි තබා අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට මෙම පිරිස් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද15 දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අ‘පුර මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට පහරදුන්නැයි 22ක් සැකපිට
යෝගා Sunday, 15 May 2022 10:40 AM
දැන් නීතිඥ සංගමයේ අය බහියි ඇප අරන් දීලා අත්පුඩි ගහන්න.