(තිළිණි ද සිල්වා) 
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා ඒම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව ඒම මණ්ඩල ආරංචි මාර්ග සදහන් කර සිටී.
ඉකුත් වසෙර් දෙසැම්බර් මාසයේ සිට වසරක කාලයක් වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩල සභාපති තනතුර භාර ගෙන සිටි ප්‍රභාෂ් සුබසිංහ මහතා සිය අනෙක් ව්‍යාපාර කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වෙනුවන් ඒම තනතුරින් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.
ප්‍රභාෂ් සුබසිංහ මහතා ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමෙහි සහ ග්ලෝබල් සී ෆුඩ්ස් පුද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වේ. මිට අමතරව ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයින්ගේ සහ රබර් නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වන්නේද සුබසිංහ මහතාය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක ප්‍රමුඛ කොටස්කරුවකු වන ඔහු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධානතම කොටස්කරුවා ද වේ.
කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ දී පවා මෙරට අපනයන ක්‍රියාවලිය නොකඩවා පවත්වා ගෙන යාමට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ප්‍රභාෂ් සුභසිංහ මහතා පසුගිය මාස කිහිපය තුළ දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම රටක්, එකම නීතියක්... ඔන්න ඉල්ලා අස්වීම පටන් ගත්තා... උගතුන් ඉදිරියේ රට හැර යාමත් පටන් ගනීවි.
සර් ෆේල්... ඒකයි මේ ඉල්ලා අස්වීම් පටන් ගන්නේ...
හැමෝම එකවගේ නැහැනේ.
හොඳ බුලට් එකක් සර් ඔතනට දායි.
ජනාධිපතිතුමනි, මීට ටික දවසකට කලිනුත් සභාපති කෙනෙක් මේ වගේම අස්වුණා... ඇයි මේ? මෙයාලගේ සේවයේ අඩුපාඩු නිසාද? රට ගැන හිතන්නත් බැරි තරමට ඇත්තටම මෙයාලා බිසීද, එහෙමත් නැත්තං කවුරුහරි මෙයාලගේ රාජකාරියට ඇඟිලි ගහන/ බලපෑම් කරන නිසාද?
ඔබලා වැන්නන්, හරි සුදුසු කමක් නැති, කට විතරක් තියෙන, ඔලුවේ මුකුත් නැති, හොරකම් කරන, කොමිස් ගන්න, අය දේශපාලුවන් යටතේ වැඩ කරන්නේ කොහොමද? ආත්ම ගරුත්වයක් ඇත්තෙකුට ඔය අයත් එක්ක වැඩ කරන්න පුළුවන්ද?