
(යොහාන් භාසුර සහ විමුක්ති එස්. රොද්‍රිගු)
ශ්‍රී ලංකාව 2021 වසරේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1 ක් හෙවත් ඩොලර් කෝටි 1510 ක් ආදායමක් උපයමින් ශ්‍රී ලංකා ඉතිසාහයේ ඉහළතම අපනයන ආදායම ඉපයූ බවත් එය 2020 සමඟ සැසදීමේදී අපනයන ආදායමේ සියයට 23 ක වර්ධනයක් බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) පැවසීය.
භාණ්ඩ අපනයනයෙන් පමණක් 2021 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 12 ක් හෙවත් ඩොලර් කෝටි 1200 ක ආදායමක් ඉදයූ බව කී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අඟලුම් සහ රෙදිපිළි අපනයෙන් ඉපයූ ඩොලර් බිලියන 5.4 කට අධික මුදල එහිදී තනි අංශයකින් ලැබූ ඉහළතම ආදායම බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව 2021 වසරේ සේවා අපනයෙන් ඩොලර් මිලියන 2657 කට අධික ආදායමක් උපයා ඇති බවත් එහිදී තොරතුරු තාක්‍ෂණ සේවා අපනයනයෙන් වඩාත් කැපී පෙණෙන ආදායමක් ඉපයූ බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවායින් අපිට එච්චර වැඩක් නෑනේ මහත්තයෝ.. කොච්චර අපනයනය කළත්, ඩොලර් හොයාගන්නේ හිඟා කාලානේ අන්තිමට.. ඒකනේ ඇත්ත..!
ආර්ථික ඔස්තාර් කිව්වා නම් ආයේ දෙකක් නැහැ. මීට කලින් කියලා තියෙන්නෙත් එසේ මෙසේ දේවල් නෙවෙයි නේ...
එහෙනම් පෙට්‍රල්, ගල්අඟුරු ගේන්න ගැටලුවක් වෙන්න බෑනේ නේද? මාර දියුණුවක් අපි ලබලා තියෙන්නේ.. අපේ සර්ගේ ආණ්ඩුවෙන් නේද? නුඹලා කියන එව්වා පිළිගන්න බූරුවන් ඉන්නේ සත්තු වත්තේ දැන්... එළියේත් ඉන්නවා ටික දෙනෙක්...!!!
මේවා අහල තනි ඇහැට ඇඬෙනවා.
ලංකාවට ඩොලර් ඉතුරුවෙලා තියෙනවද බලන්න..? ඔය කියන වසරේ ආනයන වියදම ගැන සඳහන් කරන්න කැමති නැත්තේ මොකද..?
අතේ මාට්ටු... ! ඩොලර් නෑ කිව්වේ බොරුවට...!!!
මේ වගේ බූරු ආචාරියෙක්... 2500න් පවුලකට ජීවත් වෙන්න පුලුවන් කිව්ව එකානේ...
මේ වගේ බොරු කියන දේශපාලකයින් උපන්නේ රටේ කරුමෙට..!
ඔයාගේ ඔය වාර්තා, අගයන් සත්‍ය නම් ඇයි රුපියලට සාපේක්ෂව ඩොලරය දිනෙන් දින ඉහළ යන්නේ..? භාණ්ඩ ආනයනයට මුදල් නෑ කියලා නහයෙන් අඬන්නේ... තෙල් ගේන්නත් ඉන්දියාවෙන් නේද ඉල්ලා ගත්තේ..?
එයා බොරුම කියල කියලාම තමයි කටත් ඇදවෙලා තියෙන්නේ..
මෙයා කට ඇරියොත් කියන්නෙම බොරු...
ඔය අපනයන භාණ්ඩවලට වරාය පර්යන්තය වගේ ඒවත් ඇතුළත්ද මැතිතුමා..?
ඔය මොන බයිලා ගැහැව්වත් සිද්දවුණු සුගතියක් නැහැනේ...!
දේශපාලුවන් කියන ටොම්පච අහලාම ඇතිවෙලා. කට ඇරියොත් කියන්නේම බොරුනේ....!
හරිම දක්ෂයෙක්නේ? කටින් විතරයි...
එතකොට කෝ ඩොලර්....?
ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම... නමුත් රටේ අත්‍යාවශ්‍ය දේවල් ගේන්නවත් ඩොලර් නෑ. ඒ ගැනත් පැහැදිලි කරා නම් හොඳයි...
මෙහෙමත් පච... හෙන 7ම වදින්න ඕනේ...!