නව අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය සම්පූර්ණ වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඒ ගැන සැකයක් ඇති කර ගත යුතු නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයාට සහ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේදී පැවැති ‘රටම රකින ජනරැලිය‘ අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.
‘අගමැති ධුරය බාර ගන්න යැයි මාස 8 කට පෙර කතා නායක කරූ ජයසුරිය මහතාට තමා වැන්දේ නැති ටිකවිතරක් යැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපයන් රටට ගැලපෙන්නේ නැති බවත් තමාට ඔහු සමඟ වැඩ කළ නොහැකි බවත් කතානායකවරයාට දැනුම් දී ඔහුට අගමැති පුටුව බාරගන්නා ලෙස ඉල්ලීම කළත් නායකවරයාට පිටුපෑමට නොහැකි බව කියමින් කතානායකවරයා එම තනතුර ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාටද එම ආරාධනාව කළ නමුත් ඔහුද එය ප්‍රතික්ශේප කළ බැවින් රටට මේ මොහොතේ අවශ්‍යම නායකත්වය ව්‍යවස්ථානුකූලව නව අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන් බවද හෙතෙම පැවසී.
වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
මා ඉතාමත් සතුටු වෙනවා වසර 4 කට පසුව මේ රටේ නැවත මහින්ද රාජපක්ෂ අගමැතිතුමාටත් මමත් එකම වේදිකාවකට එන්නට ලැබීම සම්බන්ධයෙන් . නොවැම්බර් මාසය ලංකාවේ පුදුම මාසයක් 2014 නොවැම්බර් 21 තමයි මම ලංකා නිදහස් පක්ෂයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වුනේ. අද ආපහු නොවැම්බර් මාසයේම එකම වේදිකාවකට ආවා.
මේ රටේ අගමැති ධුරයේ හිටපු රනිල් වික්‍රමසිං මහතා ව්‍යවස්ථානුකුලව ඉවත් කරලා , අගැමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කළේ ව්‍යවස්ථානුකූලවයි. මේ කළේ පුටු දෙකක් මාරු කරපු එක නෙවෙයි. ශරීර දෙකක් මාරු කරපු එකත් නෙවෙයි. මේ මාරු වුණේ රටට අහිතවත් නොගැලපෙන නායකත්වයක්.
අපේ සිතුම් පැතුම් නොහඳුනන නායකත්වයක්. විදේශ ප්‍රතිපත්තිවලට දර්ශනයට වැඩ කරන නායකත්වයක්. මේ අගමැති පුටුවට පත් කළේ දේශියත්වයට අපේ සංස්කෘතියට වැඩ කරන නායකත්වයක්.විදේශ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන සැබෑ මිනිසෙක් .
මාස 8 කට පෙර කතානායක කරු ජයසුරිය මහත්තයට මං කිව්වා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ප්‍රතිපත්ති ගැලපෙන්නෑ, ඔහුගේ වැඩ ගැලපෙන්නැ. ඒ දර්ශනය රටට ගැලපෙන්නේ නෑ කියලා. මට ඔහු එක්ක වැඩ කරන්න බැහැ කියලා. ඒ එක්කම මං කතානායකවරයාට කිව්වා අගමැති තනතුර බාර ගන්න කියලා .මං වැන්දේ නැති ටික විතරයි.නමුත් ඔහු රනිල් වික්‍රමසිංහ මහත්තයට පිටින් යන්න බැහැ කිව්වා.
පසුව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්තයට ගෙදරට එන්න කියලා මං කිව්වා මේ ටිකම .ඔහුටත් අගමැතිවෙන්න ආරාධනා කළා. ඇති වෙන ප්‍රශ්න මං බලා ගන්නම් කිව්වා නමුත් ඔවුහුත් එය බාර ගත්තේ නෑ.
ඒ නිසා මං කල්පනා කලා රටට ගැලපෙන නායකයෙක් හොයන්න . ඒ ගැන තීරණය කරන්න . ඒ නිසා තමයි මට ගැලපෙන මනුස්සයෙක් විදියට සජිත් ප්‍රේමදාස මහත්තයා එපා කියපු අගමැතිකම මහින්ද රාජපක්ෂ මහත්තයට ලබා දුන්නේ.
මම තනියම මේ තීන්දු තීරණ ගත්තේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ගැන දන්න නීතී විශාරදයින් එක්ක මේ ගැන කතා කරලා ව්‍යවස්ථානුකූලව මහින්ද රාජපක්ෂව මේ ධුරයට පත් කරලා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කළේ. ඒ ගැන නීතිමය ගැටලුවක් ඇතිනම් අධිකරණයට යන්න පුළුවන් . 113 ගැන සැක හිතන්න එපා ඒක හදලා ඉවරයි.
අපි මේ වෙලාවේ ගත්ත තීන්දුව නිවැදියි .ජනතා බලවේග එක්ක සෙල්ලම් කරන්න එපා. ජනතා හෘද සාක්කිය තේරුම් අරන් වැඩ කරන්න. කළ යුතු වෙනස්කම් ඉදිරියේදී කරනවා. ආර්ථික ප්‍රශ්න විසඳිම උතුරේ ප්‍රශ්න විසඳිම අලුත් ආණුඩුවක් විදියට ඒ සියලු දේ වෙනුවෙන් කැප වෙනවා.
පවතින දේශපාලන තත්ත්වය හමුවේ කිසිම ගැටුමක් ඇති කරගන්න එපා සෑම කෙනෙක්ම සාමයට කැපවෙලා වැඩ කරන්න. ජාතික සම්පත් රැකගැනීමට කැප වෙන්න. දේශපාලන ප්‍රතිවාදීන්ට කරුණු පැහැදිලි කරන්න . මොන බලවේග තර්ජන ආවත්, පීඩා ආවත් ඉදිරියට තැබු පය, ගත්ත තීන්දු ඉදිරියට යනවා මිස ආපස්සට ගන්නේ නැ.‘ යනුවෙන් පැවසීය.
(36698)
ඡායාරූප - ළහිරු හර්ෂණ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි සන්තෝසයි...
කරපු වැරැද්ද වහන්න කියන්න මොකක් හරි තියෙන්න එපෑයෑ නේද?
අපි ශීලාචාරයි...
මට නම් මේ මහත්තයා කියන බොහෝ දේ විශ්වාස කරන්නට අමාරුයි.
සෝභිත හිමියන්ගේ ඉල්ලීම මත කරු ජයසූරියට පොදු අපේක්ෂකත්වය දුන්නා නම් කියල රනිල්ට හිතිලා ඇති 2. ජනාධිපතිතුමා කියන විදියට කරු ජයසූරියත්, සජිත් ප්‍රේමදාසත් රනිල් එක්ක බැරිනිසා එපා කියන්න ඇති.
ඔබතුමා ඇත්ත කියනවා කියලා කොහොමද විශ්වාස කරන්නේ? 2015 කිව්වේ මහින්ද වැඩ කරන්න දුන්නේ නෑ, එයලා හොරු කිව්වා, බැංකුවේ වාඩි කරලා තිබ්බා කිව්වා.. එයලා රජ සැප විඳිනවා කිව්වා. මහින්ද මහත්තයා ගැන නොකිව්වේ මොනවද? එතකොට එදා එතුමා ගැන කිව්වේ බොරු නේද? ඒකනිසා ඔබතුමාගේ ජනවරම අහෝසියි කියලයි අපිට නම් හිතෙන්නේ... ඒක නිසා එම තරගයේ දෙවෙනියා වුණු මහින්ද මහත්තයට ජනපතිකම ලැබෙන්න ඕනේ හරිනම් අද ඉඳලම...
කව්ද මේ? රටේ නායකයෙක් කියන කතාද මේ? සල්ලි වලට හොරු බාගෙන දැන් කයිවාරුත් ගහනවා.
එහෙනම් පරක්කු ඇයි?
ස්තුතියි. ඉක්මණට පාර්ලිමේන්තුව කැඳවලා මේ ප්‍රශ්නෙ විසඳාගන්න උත්සාහ නොගන්නේ ඇයි? ඔබ කිව්වේ එමෙන්ම ඔබ පත්කරගත්තේ නිර්පාක්ෂික ලෙස නේද? මට මතක නෑ නේද?
හරිද? එහෙනම් පාර්ලිමේන්තුව කඩවලා බලන්නකෝ. මොකද වෙන්නේ කියලා?
ඔබතුමා කීවට 113 පෙන්වන්නේ නැහැනේ. එ්කනේ මේ හැම ප්‍රශ්නයකටම මුල. කෙලින්ම පෙන්වන්ට මෙන්න මට ඉන්න කට්ටිය කියලා්. නැතිනම් දෝෂාභියෝගේ වගේ අන්තිම මොහොතේ රනිල් හොඳයි කියලා රනිල්ට පක්ෂව ඡන්දෙ දේවි. එජාපෙ එකේ ඉන්නේ ඒවගේ කට්ටිය තමයි.
ලෝකයට හොඳ ආදර්ශයක් ලබා දීල තියෙනවා. තව ටික දවසකින් තවත් පැත්තකට කැරකෙයි වගේ..
ඔබගැන නම් ලැජ්ජයි..
මේ අය ඉගෙන ගත්ත ඉස්කෝලේ කොහෙද? මෙහෙමත් වෙනස් වෙන්න පුළුවන්ද? ආත්ම ගරුත්වයක් තියෙන මනුස්සයින්ට මේ දෙගොල්ලන්ටම ආත්මයක් ඕනෑ නැහැ ඕනෑ බලය විතරයි..
මේ මහින්ද මහත්තයාට ආදරයට කරපු වැඩක් නොවේ. ඉන්දියාව හරහා ආපු සැලැස්මක්. මේ කතාවෙන්ම පේනවා කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස ගුණගරුක මිනිස්සු කියලා..
හරිනම් මොකද පාර්ලිමේන්තුව කල් දාන්නේ? ඕකත් හරියට අර " රාත්‍රී 12ට කටුනායක ගේට්ටු වහලා හොරු අල්ලනවා. මම ආණ්ඩු කරන්නේ පොළොන්නරුවේ මගේ ගෙදර ඉඳලයි. මහින්ද තමා ආණ්ඩුවේ වැඩ කරන්න නොදී කකුලෙන් ඇද්දේ, අවීචි මහ නරකාදියට හරි ගිහිල්ලා හොරු අල්ලනවා. කුඩු කාරයින් එල්ලනවා. මම රාත්‍රී 10ට නිදා ගන්නවා වගේ කතාවක් කියලයි අපට හිතෙන්නේ. අනිත් එක මහජන ඡන්දයෙන් තේරී පත් වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහත් මට්ටමට ඇද දාලා බහුතරය පෙන්වනවාට වැඩිය හොඳයි මහත්තයෝ ඔතැනින්ම ඔය දියවන්නාවට පනින එක. ඒක නම්බුකාරයි. ඔය කෝටි ගණන් වලට ගත්තා කියන ගොයියෝ ගැන අපි ඇහුවෙත් ඇමතිකම් ගන්න ගිය වෙලාවේදී විතරයි. මේ ගොල්ලොත් එක්කද ඔය රට හදන්න යන්නේ? මහින්ද මහත්තයා වටේට ඉන්න බොහෝ දෙනෙකුට තියෙන වංචා, දූෂණ, චෝදනා ඔබතුමා දන්නේ නැහැ කියන්න එපා. දැන් මහජනයා මොන අප්‍රසාදයක් ගොඩ නැඟුවත් ඒ ගොල්ලෝ බලය අත හරින්නෙම නැහැ. ඒක කන කොකාගේ සුද වගේ විශ්වාසයි. අන්තිමේට ඔබතුමාට වෙන්නේ අල්ලපු අත්තත් නැතුව, පය ගහපු අත්තත් නැතුව පරාක්‍රම සමුද්‍රයට ඇද වැටෙන්නයි ඔන්න. අපි මහින්ද මහත්තයාගේ කෙරුවාව දන්නා නිසයි එහෙම කියන්නේ.
දැන් දැන්ම කරගන්න පිනක් කරගන්න ඉන්න තව කල් නැතිවේවි බලය ගත්ත දාට යන්න වෙයි නිසි තැනට. "කාරිය කෙරෙනක්ල් කාගේත් රැවටිල්ල කියල පැරුන්නෝ කීවේ දැන් ඉන්න අපතයෝ වාගේ කට කහනවට නොවේ "එදා කෝට් පොරෝගන ඒ අයගෙන් ඇයි කියලා ආයෙත් මතක් කරගන්න. යළි කිසිදාක ඔය සිරිසේන පරම්පරාවට ඡන්දය නොලැබෙන බව සිහිතබා ගන්න. ඔය යන්නේ අන්තිම පුරුක බව හිතා ගන්න.
ඔබතුමා සීතාම්බර සළුව ඇඳගෙන ඉන්නබව ලංකාවට පෙන්නුවට කමක් නෑ. ලෝකයට පෙන්වන්න එපා!
ඔබ තරම් පිළිකුලට භාජනය වුණු තවත් දේශපාලකයෙක් ලංකාවේ නෑ. ඔබ කියන කිසිදෙයක් මිනිස්සු විශ්වාස කරන්නේ නෑ. ඔබට ඔය බලය තියෙන නිසායි.. ඔහොම හරි ඉන්න හම්බවෙන්නේ. ඔය බලය නැති දවසට මිනිස්සු ඔබ යන එන පාරේවත් ඉන්න එකක් නෑ. ඒ තරම් අප්‍රසන්න අයෙක් ඔබ...
කීයක් වියදම් කළාද 113 හදාගන්න?
එයාට තව සීයක් ඕනෑ.
" මට ගැලපෙන මනුස්සයෙක් විදියට" රටේ අගමැති කරන එකයි, පාර්ලිමේන්තුවේ බහුතරය විශ්වාසය තිබෙනවා යයි හැඟෙන පුද්ගලයා පත්කරන එකයි පැහැදිලිවම දෙකක්. මෙතන තමයි ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන්නේ... කොහොම වුණත් මෙයා කියන දේ මහින්ද වුණත් විශ්වාස කරන්නේ නැහැ. රටටම ''සර්පයා" ඉන්ද්‍රියගෝචර වෙලා තියෙන්නේ...
සල්ලිවලට මන්ත්‍රීලා බිලි බාගෙන 113 හරි කියන්න ලජ්ජා නැද්ද ජනාධිපතිතුමනි. ඔබතුමාට ලෝකයෙන් ලැබී තිබුන නම්බුව දැන් නැත්තටම නැතිවෙලයි තියෙන්නේ. 113 සල්ලි වලට ගත්තානම් තවත් පාර්ලිමේන්තුව වහල තියෙන්නේ අැයි? හෙටම කැඳවලා මේ ප්රශ්නය ඉවරයක් කරගන්නකෝ .. හන්දි ගානේ රටේ මුල් පුරවැසියාට තියා වට්ටි අම්මා කෙනෙකුවත් කියන්නේ නැති පහත් විදිහේ කතා පවත්වන්නේ නැතුව. රට තුළත් ඔබ කෙරෙහි තිබූ ගෞරවය දැන් බින්දුවටම බැහැලා. එ්කෙන් වැඩි වාසිය වෙන්නේ මහින්ද පිලටයි. ඒ ගොල්ලෝ ඕනෑම වෙලාවක ඔබව අයින් කරලා වැඩේ දෙයි ලස්සනට. කවුරුවත් විරුද්ධ වෙන එකක් නැහැ. කිව්වා කියලා හිතා ගන්න.
ජනාධිපතිතුමනි ඔබගේ කතාව රටේ මිනිස්සු දැන් සත පහකටවත් ගනං ගන්නේ නෑ...
13 හදාගන්නකම්ද හිටියේ...? කලින් කියන්න තිබුණානේ...? විදේශ නායකයින් ජනතාව උසි ගන්වන්නේ නැතිව පාර්ලිමේන්තුව රැස් කරන්න කියපු වෙලේ තවම කට්ටිය නැහැ කියලා. දහතුන හරියනකොට විදේශික නායකයින් ඈත්වෙලා මහින්දව තියාගෙන ඔබව ගෙදර අරින්න ඕනෑ.. ඔබ ඇත්තටම දෙපිට කාට්ටු, මිනිස්කම නොහඳුනන පුද්ගලයෙක්... ඔබත් සමග කිසිම වැදගත් නායකයින් ගනුදෙනු කරන්නේ නැහැ. දෙකේ පන්තියේ වැඩ කරන පුද්ගලයෙක්... ජාති බේද ප්‍රශ්න වැඩිවෙන්නේ මේ කතා පවා දීම නිසා. සිංහල කම නෙමේ තියෙන්නේ රොඩී ගතිය...
කර්මය කියලා දෙයක් තියෙන්වා නම් අනිවාර්යෙන් පල දෙනවා මයි........
ගිය සතියේ අරගොල්ලෝ රට වටෙන් සෙනග ගෙනැල්ලා උද්ගෝෂණ කලා.අද මෙයාලා රට වටෙන් සෙනග ගෙනැල්ලා උද්ගෝෂණ කරනවා. අනේ මේ සතියට මේ දෙගොල්ලෝ කෝටි කියක් නිරපරාදේ වියදම් කරන්න ඇතිද
වැස්සට අපේ පාරවල් එකම නරකාදියක්. වලවල් හැමතැනම රෑට පාරවල් පෙන්නේ නැහැ. පාරේ ලයිට් තියෙන්නේ කිලෝමීටරෙකට එකක් ගානේ. ඒවා හරිගස්සන්න මුදල් නැතිලු. එත් අපේ සල්ලි කොටි ගණන්වලින් වියදම් කරන්නේ 113 හදා ගන්න මන්ත්‍රීවරු මිලදී ගන්න හරියට ගෙදරින් ගෙනාවා වගේ . අනේ අපිටත් ගිය කලක් ........
කරු ජයසුරිය හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් තම නායකයාට ද්‍රෝහී නොවීම, වරදක් ලෙස දකින ඔබතුමාගේ සිතුම් පැතුම් ගැන කවර කතාද ??
ලංකාවේ බිහිවුණු කුහකම ජනපති
මහපාරේ ජනබලය පෙන්නන්න කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ නේද මිලියන ගණනක් ලාංකිකයෝ නියෝජිතයන් 225 පාර්ලිමේන්තුවට එවලා තියෙද්දි
ඔබට ජය වේවා ජනාධිපතිතුමනි. මහින්ද මහත්තයත් එක්ක එකතු වෙලා රට දියුණු කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියා රටට ආදරය කරන, රටේ අනාගතය ගැන හිතන, අප ඔබතුමාට මුළු හදින්ම ආශිර්වාද කරන්නෙමු. ජය වේවා අප රටට ....!
දැන් 112 යි. තව එක එක ඔහොම අඩුවී ගෙන ගියාම රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වේවි.
කරු මැතිතුමාත් සජිත් මැතිතුමාත් එ.ජා.පාක්ෂිකයනුත් තම නායකයා කවුරු වුනත් නායකත්වයට ගරුකරන අය.
සරල ජනදිපතිගේ බූට් එක
අපේ සරල ජනපති වචන 100 කිව්වොත් ,99ක් ම බොරු
තව ටික දවසකින් කියයි මහින්ද හොඳ නෑ.. ඒ නිසා මම වඩිවේල් සුරේෂ් ට අගමැති කම දෙනවා කියලා....