
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ලංකාව යනු ලෝකයේ ඉහළින්ම වැජඹෙන්න හැකි පරිදි දියුණු කළ හැකි විභවතාවයක් තිබෙන රටක් බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
"අපි බාරගත්තේ ආර්ථික පදනම් බිඳ වැටුණු සමාජීය වශයෙන් අවස්ථාවර වෙච්ච රටක්.මුලින්ම අපට ඒ වගකීම දරන්න සිදුවුණා.අස්ථාවර වූ රට ස්ථාවර කිරීමේ කාර්යභාරය ගැන 2025 අයවැයෙන් අවධානය යොමු කරනු ලැබුවා.භාණ්ඩාගාරය පිරී ඉතිරී යන මට්ටමට අප ආර්ථිකය ස්ථාවර කළා යැයි විපක්ෂයේ ඉන්න දේශපාලකයන්ට පවා අද කියන්නට සිදුවී තිබෙනවා.රට ආර්ථික වශයෙන් ස්ථාවර වුණාය කියන දේ තහවුරු කරන්න ඒ ප්‍රකාශයම ඇති. දේශපාලන වශයෙන් අප රට දැන් ස්ථාවර වෙලා තියෙනවා.සමාජීය වශයෙන් ද ස්ථාවර වී තිබෙනවා.ඒ අනුව පසුගිය අයවැයේ අභිමතාර්ථ මුදුන් පත් වී තිබෙන බව කිව යුතුයි.2026 අයවැයේ අරමුණ කුමක් විය යුතුද? ලංකාව යනු ලෝකයේ ඉහළින්ම වැජඹෙන්න හැකි පරිදි දියුණු කළ හැකි විභවතාවයක් තිබෙන රටක්. ස්ථාවර කරපු රට සංවර්ධන ඉලක්ක කරා යන්නේ කොහොමද කියන සැලසුම සහිතව මේ අයවැය ඉදිරිපත් කර තිබෙනවා යනුවෙන් ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ බොරු කියන්නේ? සෞදි අරාබියාව, කටාරය වගේ කනිජ තෙල් නැති, ජපානේ , චීනේ, ඉශ්‍රායලේ වගේ කඩිසර බුද්ධිමත් මිනිස් ශ්‍රමිකයෝ නැති... කුඩාම කුඩා රටක් වෙන ලංකව දැන් ඉන්නේ ලෝකෙය සිටිය යුතුම තැන...
ඇත්ත තමයි අපි මෙහෙ ඉන්න ඕන රටක් නෙමෙයි.... තොපි තවම අවුරුදු 60 ක කාලයක් එක කරන්න දුන්නේ නැත්තේ
රටේ දියුණුව ගැන හිතන,ජනතාවගේ යහපත වෙනුවෙන් වැඩ කරන හරිහමන් නායකයෝ ඉන්න රටවල දියුණුව දැක්කම අපේ රටේ බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත නායකයන් ගැන ලැජ්ජයි .දූෂිත අමන නායකයක් අපේ රටේ,කෙරුවේ ,මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම මකර කටට යවපු එක තමයි.
අපි මෙහෙම ඉන්න ඕන රටක්නම් නොවෙයි තමයි. ඒත් අනුන්ට දොස් නොකියා පැහැදිලි කළා නම් වටිනවා. අපි නිදහස්වී අවුරුදු 76 ක් ඉක්මවා සිටියත් එයින් අවුරුදු 55 ක් පමණම කඩාකප්පල් කිරීම් නිසා ජාතික ධනය මහාපරිමාණයෙන් විනාශ වූ රටක් කියලා අබමල් රේණුවක තරම් මොළයක් තියෙනවා නම් තේරුම්ගන්න පුළුවන් වේවි. ඊළගට 53 හර්තාලය කලේ නොමිලේ කන්න ඉල්ලලා කවුද කෙරෙව්වෙ සමාජ වදකයින්... ඊළගට ඡන්දය බලාගෙන