(මුදිතා දයානන්ද)
“අධ්‍යාපනයට රාමුවක් හදන්න කාටවත් බැරිවුණා. එය අපි කළා. එය ඉදිරියට ගෙන යාමේ වගකීම ඔබ සතුයි” යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ අරලිය ගහ මන්දිරයේදී අද(08) පැවති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව නිම කළ ඩිප්ලෝමාලාභීන්ට සහතිකපත් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම පාඨමාලාව සම්පූර්ණ කළ 10,121 දෙනෙකුගෙන් 2,133 දෙනෙකුට අද සහතික පත් ප්රදානය කරනු ලැබිණි.
එහිදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
“එදා මම අධ්‍යාපන ඇමතිකම භාරගනිද්දී වැඩියෙන්ම හිටියේ නුපුහුණු ගුරුවරු. එවිට අපි තීරණයක් ගත්තා මුලු රටටම පුහුණු ගුරුවරු ඇති කළ යුතුයි කියලා. එදා සිට වසර වසර 30ක් ගත වුණා. මේ ක්‍රියාපිළිවෙළ අවසන් කරන්න තව වසර තුන හතරක් යාවි. අපි මේක වසර 15කින් අවසන් කරන්නයි හිටියේ. අද අපි ඩිප්ලෝමාධාරීන් 3,000කට පත්වීම් ලබාදෙනවා. සම්පූර්ණයෙන්ම දැනට පුහුණු කරලා 10,000කට පත්වීම් ලබාදෙන්න තිබෙනවා. ඔබ සියලු දෙනාම දැනුම අරගෙන පාසලට යන්නේ. ඔබට අමතරව අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලබන 80,000ක් දැනට සේවයේ යෙදී සිටිනවා. අකිල විරාජ් කාරියවසම් මහතා ඇමතිකම භාරගනිද්දී මම කිව්වා ඇමතිකම තියාගන්න ඕන නම් නුපුහුණු ගුරුවරු බඳවාගන්න එපා කියලා.
මේ රටේ අධ්‍යාපනය දියුණු කරන්න පළමුව අවශ්‍ය වන්නේ හොඳ පුහුණු ගුරුවරු. ආණ්ඩුවක් හැටියට 2015 රට භාර අරන් අගමැති වුණාම මම හිතුවා එදා කරන්න බැරිවුණ වැඩේ දැන් කරලා අවසන් කරන්න ඕන කියලා. ඒ දේ කරලා අවුරුදු තුන හතරක් බැණුම් ඇහුවත් කමක් නැහැ. පස්වෙනි අවුරුද්දේ අපිට ප්‍රතිඵළ ලැබෙනවා. දැන් මේ පේන්න තියෙන්නේ ඒ ප්‍රතිඵල. අපිට අවශ්‍ය වුණේ අපේ සිසු පරපුරට අපිට වඩා හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. ඔබ සියලු දෙනාම සාර්ථක වුණොත් රටත් සාර්ථක වෙයි.”
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල නොසැහෙන්ට අලුත් දේවල්වලට මුල්ගල් නම් තියෙනවා .
ඇත්තම තමයි රාමුවක් හැදුව එකේ ඇතුලේ සේරම ළමයි හිරකලා, දැන් ඉතින් කවදද මේ රාමුව ගලවන්නේ?
කවුරු මොනවා කිව්වත් රටක් දියුණු කරන්න නම් ඵලදායක අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි. රනිල්ට ඒ දෙකම තියෙනවා
රාමුව හැදුවේ දොළහයි. දොළහේ ලුණුමිදෙල්ල පිට ලෑලි වලින්ද දන්නේ නැහැ...
මේ වැඩේ කරන්න අවුරුදු 4ක් වුනත්, ආපු ගමන් මහ බැංකුවට වැඩේ දුන්නා. එ්කට කල් ගියේ නැහැ.
රාමුව හදලා තියෙන්නේ අධ්‍යාපනයටද? නැතිනම් වෙන එකකටද දන්නේ නැහැ. එච්චර නිදිමත පාටයි.
අැයි මේ ලංකාවේ එවුන්ට හොඳ දෙයක් අගය කරන්න බැරි? මොනවා හරි අැදයක් කුදයක් හොයනවා. අධ්‍යාපන මට්ටම උසස් කරන එක හොඳ නැද්ද? අනිවා මේ කමෙන්ට් දාන අය අට පාස් ඉරිසියාකාරයෝ...
සිහින...සිහින..
දැන් කාලයේ අධ්‍යාපනය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. අපිට හිටියේ රත්රන් ගුරු දෙවිවරු. ඒ වගේම අපේ මව්පියනුත් ගුරුවරයා පාඩම් අතපසු කළාට බැන්නා කියලා මානව අයිතිවාසිකම් කොමිසම් පස්සේ දිව්වේ නැහැ. කනේ පාරක් දීලා හරි ළමයාව යහපත් පුරවැසියෙකු කරන්න කියලා තමයි අපේ අම්මලා ගුරුවරුන්ගෙන් ඉල්ලුවේ... අද මෙතන ලියන්නෙත් ඒ ගුරුවරුන්ට පින්සිදුවෙන්න තමයි. හැබැයි අද කාලයේ දක්ෂ යහපත් ගුරුවරුන්ට වෙලා තියෙන්නේ දේශපාලුවන්ටයි, හයිරන්කාර මව්පියන්ටයි යටවෙලා ළමයින්ට උගන්වන්න. පුද්ගලික පාසලක උගන්වන මගේ ඥාති ගුරුවරියක පාඩම් වෙලාවේ ජංගම දුරකථනය හොරෙන් භාවිතා කල සිසුවියකට බැන්නා කියලා ඇගේ මව විදුහල්පතිට පැමිණිලි කලාලු. ඔන්න අද රටේ හැටි...!
මහවිලච්චියේ තියෙන පොල්අතු සෙවිලි කළ පාසල දැක්කේ නැද්ද? දැක්කානම් හිතෙයි රාමුව කොහොමද කියලා...?
යමෙක් ඉංග්‍රීසියෙන් හිතලා සිංහලෙන් කියන්න ගියහම අනාගන්නවා. ඔක්කොටම කලින් මේ ඉංග්‍රීසියෙන් හිතන අධ්‍යාපන රාමුවෙන් මේ බකපණ්ඩිතයෝ එළියට ගන්න ඔය හදන රාමු සියල්ල බින්දොත් හොඳයි.
රාමුවක් නැත්තේ අපේ රටට. රාජ්‍ය නායකයෙක් නැති රටක් , කාගේ ආණ්ඩුවක් තියෙනවද කියල ජනතාව දන්නේ නැහැ. කඩාකප්පල් පියවර ගන්නේ බල ලෝභීකමට. මෙයින් තවත් දුක්විඳින්නේ ජනතාව. මෙහෙමත් රට ගැන හිතන්නේ නැති පුද්ගලයින් ඉන්නේ ලංකාවේ විතරයි. ඒ නිසා ජවය අවශ්‍යයි, දේශපාලකයන් පරාජය කිරීමට...
ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අප රටට තිබීම වැදගත්... එවැනි පසුබිමක පුහුණු ගුරුවරු අපේ රටට සම්පතක්. නමුත් ගමේ පාසලේ ගුරුවරු තමන්ගේ වගකීම පැහැර හැරීම ගැන කණගාටු වෙමි. ගමේ පාසලේ දරුවන් නගරයේ පාසල්වලට දැමීමට දෙමව්පියන් පොරකන්නේ එ්කයි. අගමැතිතුමනි ගමේ පාසලේ ගුරුවරු තමන්ගේ වගකීම පැහැරහැරීම ගැන සොයාබලා එයටත් ඉක්මන් විසඳුමක් දෙන්න.