
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එක ශ්‍රේණියේ සහ හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ එපා යැයි සමගි ජන බලවේගය කිව්වේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අස්වැසුම කියන්නේ සැබැවින්ම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නොවේ.එය එසේ වන්නට නම් අංග සම්පූර්ණව නිෂ්පාදනය, ආයෝජනය, පාරිභෝජනය,ඉතිරි කිරීම සහ අපනයන කේන්ද්‍රගත වූ ඒකාබද්ධ වැඩසටහනක් තිබිය යුතුයි.සැබවින්ම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අදාල අංශ සහිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න.එක ශ්‍රේණිය සහ හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ එපා යැයි අප කිව්වාද?ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ ඔබතුමන්ලා දරුවන්ට ඉගෙන ගන්න අසභ්‍ය වෙබ් අඩවියක් නම් කරනවා.ඒක කලෙත් විපක්ෂයද?ඒක කළේ ඔබතුමන්ලාගේ නිලධාරීන්.අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට කිසිසේත් විරුද්ධ වුණේ නැහැ යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුඹලා මේක කරන්න දෙන්නේ නෑ... කකුලෙන් අදින එකනේ කරන්නේ. ඔයාට ඕනෑ යල් පැනගිය අධ්‍යාපනය මොකද පස්සේ ඇවිල්ලා රැකියා ඉල්ලන්ඩ පිරිසක් එක් වෙනවනේ. වහලු ඇති කරන්න එපා. ස්වාධීනව නැගිටින්න ඉඩ දෙන්න. දැනටමත් අවුරුදු දහයක් පරක්කුයි.
මේක කඩාකප්පල් කිරීමට ඔබලා බොරු මවමින් හැසිරුණු විදිහ රටම දැක්කා.
මෙහෙම ගියොත් ඉතින් උස නම් සිකුරිට් මිටි නම් කම්කරු...
ලංකාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍යයි කියලා පෙන්නන්න හොඳම නිදර්ශන තමයි සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, චාමර සම්පත්, තිස්ස කුට්ටිආරච්චි, හිටපු කතානායක රන්වල වගේ අය. ප්‍රතිසංස්කරණ කොච්චර ප්‍රමාදද කියලා හිතාගන්න පුළුවන් නේද..?
සජිත් මහත්තයො හැම එකාගෙම අතේ ස්මාට් ෆෝන් එකක් තියෙන මේ කාලෙ මේ වගේ මෝඩ චූන් දෙන්න එපා. අපි ඔයාලගෙ හැසිරීම, කියපු කතා ඔක්කොම දැක්ක. ඉස්සර තමා ඕනෙ බයිලාවක් කියල තමන්ට හිතවත් පත්තරේක අවශ්‍ය විදිහට සුදුහුණු ගාන්න පුලුවන්.
විපක්ෂයට ඕන කොහොම හරි දරුවෝ බුද්ධිමත් වෙන එක නවත්වන්න. එතකොට උන්ගේ තණකොළ කන්න කවුරුත් නැතිවෙලා අතුගෑවිලා යනවනේ.
මෙච්චර ලොකු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක සුළු දෝෂ අල්ලාගෙන දෙමාපියන් බය කරලා කරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියල තමයි. ධර්ම චක්‍රය අල්ලාගෙන නැතුව ඒක වැරදි කියල පෙන්වල දුන්න පසුව කට පුප වහගෙන හිටිය. ලොකුම අවුල තමයි හොරට ලෝයර් උපාදි ගත්ත උන්, අමාරුවෙන් OL පාස් වෙලා ලෝයර් කට්ටක් ගහගත්තු අය .චාමර ල වගේ ඉසොකොල් ලඟට ගියපු උන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන එක. පොඩි වැරදීම් තිබුනත් , පටන්ගත්තු එක කරගෙන යන ගමන් , අවශ්‍ය වෙනස්කම් කරන්න පුළුවන්.කට තමයි industry එකේ , ආයතන වල, යුනිවසිටි වල කියල