(අංජුල මහික වීරරත්න)

ඉතිහාසයේ නොවූ විරු අභියෝගවලට මුහුණදී සිටින මාතෘ භූමිය වෙළාගෙන ඇති ඝන අඳුර පලවා හරින්නට සියලුදෙනා එක්ව සාමුහික වැඩපිළිවෙළකට එළැඹිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දීපාවලි උත්සවය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ අඳුර පලවා හරින්නට හැකි වන්නේ ආලෝකයට පමණක් බවයි.

දීපාවලියේ ඉගැන්වීම වන සාමය, සහෝදරත්වය සහ එකමුතුකම ඉතා වැදගත් වන අතර ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව ආලෝකය පරම අපේක්ෂාව කර ගනිමින් රට ගොඩනැඟීම නම් පහන් සිළුව වටා සියලුදෙනා සාමුහිකව අත්වැල් බැඳ ගනිමු යැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.