(අංජුල මහික වීරරත්න)

අසාමාන්‍ය ඉන්ධන මිල ඉහළ දැමීම වැඩබැරි කයිවාරුකාර පුනරුද ආණ්ඩුව ජනතාව පීඩාවට පත් කරමින් සිදුකරන “කළුකඩ සූදුවක්” බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.

 බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

රජය විසින් පරණ තෙල් තොග රඳවාගෙන සිට නව මිල ගණන් යටතේ අලෙවි කරමින් අධික ලාභයක් ලබන බව  වීරවංශ මහතා කීය.

"සෙනසුරාදා දවසෙම ඛනිජ තෙල් සංස්ථාව වහලා දැම්මේ කලින් අඩු මිලට ගෙනාපු තෙල් තොගය බෙදාහරින එක නතර කරන්න. ඒ පරණ තෙල් තොගයම තියාගෙන ඉරිදා එළිවෙද්දී 'පුනරුද ගාණකින්' මිල වැඩි කළා. මේක හරියට “ගොනා දෙපාරක් හම ගහනවා” වගේ වැඩක්. අනුර කුමාර දැන් පත්වෙලා ඉන්නේ ත්‍රාඩ කළුකඩ මුදලාලි කෙනෙක්ගේ මට්ටමටයි.යනුවෙන් ද වීරවංශ මහතා කීය.