IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනුරාධපුර සම්පත් බැංකුවේ මුදල් කොල්ලය වරදි

(අතුල බණ්ඩාර සහ උපුල් හේරත්)

අනුරාධපුර නව බස් නැවතුමේ පිහිටි සම්පත් බැංකු ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ල කෑමට ආ දෙදෙනකුට වෙඩි තබා එම මුදල් බේරා ගැනීමට හැකි වී ඇතැයි වර්තා වෙයි.

පෞද්ගලික සමාගම අද පෙරවරුවේ ඒ.ටී.එම් යන්ත්‍රයේ මුදල් තැන්පත් කිරීමට සූදානම් වෙද්දි යතුරු පැදියකින් ආ දෙදෙනකු ඔවුනට මිරිස්කුඩු ගසා මුදල් පැහැර ගැනීමට තැත් කර ඇත. ඒ අවස්ථාවේ කොල්ලකරුවන් හා මුදල් ගෙනා පිරිස අතර පොරයක් සිදුව තිබේ.

එක් කොල්ලකරුවකු එහි ආරක්ෂාවට සිටි පුද්ගලයාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සහා කිරිමේ දි ආරක්ෂකයාට වෙඩි වැදී රෝහල් ගත කර ඇත.

ඒ සමග මුදලා රැගෙන ආ වෑන් රියේ රියැදුරා ගිනි අවිය  රැගෙන කොල්ලකරුවන් වෙඩි තබා ඇති අතර වෙඩි කාගෙනම කොල්ලකරුවන් පළා ගිය බව ඔවුහු පවසති



අදහස් (9)

අනුරාධපුර සම්පත් බැංකුවේ මුදල් කොල්ලය වරදි

කුසල් Thursday, 06 May 2021 03:55 AM

අනුරාධපුරේ තාම ඉන්නේ යෝධයෝ බොලව්...... රියදුරුතුමාට අපගේ උපහාරය!

:       0       26

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 06 May 2021 05:36 AM

පොලීසිය එන්නේ අන්තිමට පරීක්ෂණ කරන්න තමයි. ඒත්, හොරු අල්ලන්න නිසි ක්‍රමවේදයක් මේ රටේ පොලීසියට නැහැ.මේ රියැදුරාට ස්තූති වෙන්න සල්ලි ටික බේරුණා. ඔහු පොලීසියට බැරි සේවයක් කළේ.තුවාල වූ හොරුන්ව අල්ලා ගැනීමට හැකිවේවි.ඒත්,ඉතින් උසාවියේ නීති තර්ක කාරයන් මොනවගේ ප්‍රශ්න අහයිද දන්නේ නැහැ.අවසර නැතිව ගිනිඅවි පාවිච්චි කලේ මොකටද කියා අහවිද දන්නේ නැහැ.

:       0       38

t m rukmanMonday, 10 May 2021 07:54 AM

ඒක ඇත්ත කතාව ....

:       0       0

සෙනවි Thursday, 06 May 2021 08:16 AM

මේව ඇතුලෙන්ම ක්‍රියා වෙන වැඩ....

:       14       1

Asanka Thursday, 06 May 2021 08:35 AM

අන්න නියම මිනිස්සු... රැකියාව අකුරට ඉටුකරන වගකීම හරියට කරන්න. ජයවේවා ඔබට... රියදුරා සහ එම නිලධාරීන් වීරයන්... අනිකුත් ආරක්ෂක නිලධාරිනුත් මේවගේ නිර්භීතව ක්‍රියාකරතැයි අපෙක්ෂා කරමු.

:       0       24

Raveedran Thursday, 06 May 2021 12:14 PM

මංකොල්ලය වැළැක්වීමට ඉදිරිපත්වූ රියදුරු මහත්මයට යහපතක්ම වේවා.....මංකොල්ල කරුවන්ට ඉක්මණීන්ම වැලිගම් බලා යාමට අවස්ථාව පෑදේවා.......

:       0       37

athula Thursday, 06 May 2021 01:03 PM

මිරිස්කුඩු ගැහැව්වා නම් මේක පාර්ලිමේන්තුවේ කෙනෙකුගේ වැඩක් වෙන්නට බැරිද?

:       0       0

horu Thursday, 06 May 2021 11:40 PM

අපිගැන බලන්න කවුරුත් නැනේ

:       0       0

ගමේ එකාලා Friday, 07 May 2021 07:10 AM

අපි හිතුවේ ලන්කාවේ ටෙලි නාට්‍යක ජවනිකාවක් කියලා. අද තියෙන්නේ එහෙම දේවල්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site