
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අනුරාධපුරේ පමණක් පවුල් 21557ක් ඊයේ වන විට ආපදාවට ලක්වී සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ ගණන් දිනෙන් දින ඉහළ යන බවද අමාත්‍යවරයා කීය.
"එකතු වෙලා වැඩ කරමු කිව්වත් ප්‍රශ්න ඇතිවෙන්නේ එකතුවෙලා වැඩ කරන තැන්වලට ඇවිත් බාධා කරන විටයි.ව්‍යසනයේ තත්ත්වය පිළිබඳව විපක්ෂය සංඛ්‍යා ලේඛන වලින් වත් දැනුවත් දැයි ප්‍රශ්නයක් තිබෙනවා.ව්‍යසන දිනයේ රාජ්‍ය සේවයට නිවාඩු දුන්නා යැයි චෝදනාවක් තිබෙනවා.අප රාජ්‍ය සේවයට නිවාඩු දුන්නේ ඇයි? 26 වෙනිදා පටන් ගත්ත වැස්ස 27 වැනිදාත් ඇද හැලෙන විට සමහර ප්‍රදේශවල නාය යෑම් වාර්තා වෙලා ගමනාගමනයට බාධා වී තිබුණා.රජයේ අත්‍යවශ්‍ය සේවා හා ආපදා සහන සේවා වලට අදාල නිලධරයන් සේවයට කැඳවීමට නිවාඩු බාධාවක් නොවන බව පැහැදිලිව සඳහන් කර තිබුණා.මේ ලංකාවේ ඉතිහාසයේ වැඩිම වැස්ස.මෙහි බලපෑම අප තාම ගණන් හදා නෑ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
154
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනුරාධපුරේ පවුල් 21557ක් අවතැන්
Frencis Friday, 05 December 2025 04:19 PM
වැරදි වැඩ කලාම ස්වභාව ධර්මයා හෝ දඩුවම් දෙනව අපි දන්න කියන කාලෙක මෙහෙම රටම විනාශයට පත්වුනේ මේ කාලයේම තමා
ඩිල්රැවන් Friday, 05 December 2025 04:56 PM
ඇමතිතුමෝ, එම අනාථ වූ පවුල් 21.557 ට අයිති කෙසෙල්කැන් ටික, කැබ් එකට පටවා ගන්න නම් එපා...