IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අනාරක්ෂිතව සිටි දරුවන් දෙදෙනකු පොලිසිය බාරයට

(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය යුධගනාව ප්‍රදේශයේ අනාරක්ෂිතව නිවසක රැදී සිටි කුඩා දැරියන් දෙදෙනකු සිය බාරයට ගත් මැදිරිගිරිය පොලිසිය කියයි.

ඒක් දැරියක් වයස අවුරුදු 9 වන අතර අනෙක් දැරිය වයස අවුරුදු 4 මාස 6 වන බව පොලිසිය කියයි.

මෙම දැරියන්ගේ මව මීට වසර 2 මාස 6 පමණ පෙර ස්වාමියා සහ දැරියන් දෙදෙනා හැර ගොස් ඇති අතර ඒදින සිට මෙම දරුවන් සියි පියා යටතේ හැදී වැඩී ඇත.

මෙම නිවසේ දරුවන්ගේ මිත්තනියද සිටින අතර ඇය වයෝවෘදව ඒක්තැන්ව සිටින කාන්තාවකි. දහවල් කාලයේ ඇගේ සියළු මළ මූත්‍ර ඉවත් කිරීමේ කටයුතුද මෙම දැරියන් විසින් සිදු කරන බවට පොලිසියට අණාවරණය වීඇත.

තවද මෙම නිවස ඉතාමත් අපිරිසිදුව පැවති අතර දරුවන් දැඩි අනාරක්ෂිතව සිටින බවද ගම්මුන් ළමාරක්ෂක අධිකාරියට කළ දැනුම්දීමකින් අනතුරුව පොලිසිය විසින් අදාල නිවසට පැමිණි අවස්ථාවේ අනාරක්ෂිතව දරුවන් ඒම ස්ථානයේ රැදී සිටින බවට අනාවරණය වී ඇත.

නිරාහාරව සිටි දරුවන් දෙදෙනාට පොලිසිය විසින් ආහාර ලබා දීමට කටයුතු කළ අතර ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිළධාරීන් පිරිසක් මෙම දැරියන්ට ඇදුම්, අධ්‍යාපනික උපකරණ ආදියට ලබා දීමට කටයුතු කළහ.



අදහස් (5)

අනාරක්ෂිතව සිටි දරුවන් දෙදෙනකු පොලිසිය බාරයට

D P P Prasad Sunday, 28 August 2022 09:13 AM

විශේෂයෙන් වර්තමානයේ පවතින ආර්ථික අපහසුතා නිසා සමහර දෙමාපියන්ට තම කුඩා දරුවන් පෝෂණය කිරීමට හා රැකබලාගැනිමට ඇති හැකියාව අප කවුරුත් නොසිතන ආකාරයට ඉතාමත් අසීරු තත්ත්වයකට පත්ව ඇත. මේ හේතුවෙන් කුඩා ළමුන්ගේ මන්දපෝෂණ තත්වයන්ද සැලකිය යුතු ආකාරයට ඉහළ ගොස් ඇත. අතහැර දමන දරුවන් තම බාරයට ගෙන කටයුතු කිරීමට පොලිසියට මෙන්ම ළමා හා පරිවාස දෙපාර්තමේන්තුවට නෛතික බලයක් ඇත. මේ රටේ දේශපාලන අධිකාරිය ඇතැම් ධනකුවේරයින්, ඇතැම් පෞද්ගලික සමාගම් වැඩකට නැති කරුණු කාරණා සඳහා යම් ආකාරයකට මූල්‍යමය වියදම් දරනු ලබයි. එමනිසා අසරණ තත්වයට හා ඉතා දුගී තත්වයට පත්වන මෙවැනි ජාතියට සම්පතක් වන මල්කැකුළු බේරාගැනීමට යම් මූල්‍යමය පරිත්‍යාගයක් කිරීමට පෙර සදහන් කළ අය පියවර ගන්නේ නම් එය ඉතා ප්‍ර්‍රශංසනීය බව මතක්කර සිටිමි...

:       0       36

sam Sunday, 28 August 2022 11:53 AM

ලොකු පිනක්... හැබැයි ඒ වගේම අර වයෝවෘද්ධ මිත්තණියටත් පිහිට වෙන්න. ඔබලාට ගොඩක් පින්..

:       0       43

fairoos Sunday, 28 August 2022 02:38 PM

ආසියාවේ ආශ්චර්ය...! ආපහු නන්දසේනව අගමැති කරමු.

:       20       6

මොට්ටපාල Sunday, 28 August 2022 03:51 PM

ඇත්තටම ගමකට රජයේ වැටුප් ලබන විවිධ නම් සඳහන් තනතුරු ඇති නිලධාරින් දහයක් පමණ සිටිනවා. සමහරක් අයට වසමේ ඇවිදීම සඳහා ගමන් වියදම් දෙනවා. මසකට වරක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ඨාශ දිනය පැවැත්වෙනවා. මෙම ප්‍රශ්න බලන්න කෙනෙක් නැහැ. ළමා හිමිකම් ප්‍රවර්ධනය සඳහා සිටින නිලධාරින්ගේ රාජකාරි මොනවද? පරිවාස නිලධාරින් කරන්නේ මොනවාද බලන්න කෙනෙක් නැද්ද? අතීතයේ ග්‍රාමසේවකලා, ග්‍රාම සේවා නිලධාරින් මේවා හරියට කළානම් ඔවුන් කළ කටයුතු කරන්න දැනට දහයක් පමණ සිටියත් නොකෙරේ නම් මෙම රාජ්‍ය සේවය කුමටද?

:       0       24

විපරමා Sunday, 28 August 2022 05:31 PM

ග්‍රාමසේවක, ග්‍රාම නිලධාරි, කියලා ඉන්න අයගෙන් ඇති පලේ මොකක්ද ? පගාවට නම් ඕන වැඩක් කරයි...

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 420 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site