
(විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ලබාදුන් පොරොන්දු කෙතරම් ප්‍රමාණයක් ඉටුකර ඇත්දැයි මන බලන "අනුර මීටරය" ජනතා අයිතියට පත්කළ බව වෙරිටේ රිසර්ච් ආයතනය අද ප්‍රකාශ කළේය.
"අනුර මීටරයෙන්" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපතිවරණයේදී ලබාදුන් ප්‍රධාන පොරොන්දු 22 ක ප්‍රගතිය මැනබලනු ඇති බවත් මන්ත්‍රී.එල්කේ වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් "අනුර මීටරය" පරිශීලනය කළ හැකි බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ජනතාව ඉහළ උනන්දුවක් දක්වන ආර්ථික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුකරණය, දූෂණ මර්දනය, නීතිය හා සාමය, සහ සමාජ ආරක්ෂණය යන අංශයන් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදුන් පොරොන්දුවල ප්‍රගතිය "අනුර මීටරයෙන්" මැන බලනු ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
"අනුර මීටරය" සඳහා ප්‍රධාන මුලාශ්‍ර තුනකින් තොරතුරු එකතු කරනු ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පච සංදර්ශනයකට ලෑස්ති වෙනවා. ඔය මල විකාර නෙමෙයි 2024 ආර්ථික වර්ධනය 5%යි. මේ අවුරුද්දට පුරෝකථනය 3%යි. ඕක තමයි ඇත්ත මීටරය. අනුර මීටරය දැනටම ෆේල්.
මීටරයෙ පාස්කු අල්ලනවා කිව්ව එකයි රාජපක්සලාගේ සල්ලි ගේනවා කිව්ව එකයි නැද්ද? මමත් අනුරට තමයි දුන්නේ
තවත් බොරුවක්
දූෂණය මැඩලීම නම් හොඳටම යනවා. ඉතුරු ටික බලමු තවත් අවුරුද්දකින් එක හමාරකින් විතර.
"බොරු" මීටරයක් දැම්මොත්නම්... එල
පුලුවන්නං ෆෙරාරි මීටරෙත් ජනගතකරන්න හොරකම, වංචාව. දුෂණය, නාස්තිය, බාර් ලයිසන්, ෂෙඩ් ලයිසන් ගැන මනින්න පුළුවන් එතකොට. අපි තමයි හොඳටම කොරේ
මීටරය හෝ බැරෝමීටරය කුමක් වුවත්, භාණ්ඩවල මිල තවමත් එසේමය. කිසිවක් වෙනස් වී නැත. දේශපාලනඥයින් පවසන්නේ නාස්තියක් නැත, සොරකම් කිරීමක් නැත, දූෂණයක් නැත. සිතීමේ හැකියාවක් නොමැති අය හැරුණු විට ජනතාවට දේශපාලනඥයා කවුද යන්න වැදගත් නොවේ, මේ අවස්ථාවේ ජීවන වියදමයි. ඉතින්, අනුර තම කණ්ඩායම අසාර්ථක බව ඔප්පු කර ඇත.
අනුර මීටරේ දැන් ලකුණ තියෙන්නේ බින්දුවේ. ඇමතිලා ජාත්‍යන්තර නෑමක් නානවා, ජනාධිපති ප්‍රාදේශීය රැස්වීම් වලත් නානව්ව. ගෝරනාඩු කරලා ලකුණු දාගන්න ට්‍රයි කරාට වැඩක් නැහැ, වැඩ බින්දුවයි. මීටරේ බින්දුවේ ගල් වෙලා, එත් එකක් කියන්න ඕන කය්ය නම් ඇති විශිෂ්ඨයි. ලකුණු 100ම තියෙනවා
පාතාලයෙන් සහ කොටි ඩයස්පෝරාවෙන් අහලා බලමු.
මීටරය ජනගත කලාට එහි අගය බින්දුවයි හොරු අල්ලල රටක් දුවන්න බෑ . නිෂ්පාදනය වැඩිකල යුතුයි.ඒව වගේ වගක් නැ.බඩු මිල වේගෙන් ඉහලට. බඩ පුරවගන්න මිනිස්සු පුදුම දුකක් විදින්නෙ.වසරකට දෙපාරක් පඩි වැඩි කරනව කිව්ව.කෝ ඒව මතකත් නෑ .ලයිට් බිල ,ඉන්දන මිල,ගැස් කෝ කිව්ව සහන?බොරු වපුරල මිනිස්සු අන්දල බලය අරගෙන අද නන් දොඩවනව
මීටර් දාලා චෙක් කරන්න දෙයක් නෑ. අනුර කවදත් ෆේල්. වෙනස තමයි ජනතාව පචවලට මුලා වෙලා ෆේල් මනුස්සයාට ඡන්දෙ දීපු එක. දැන් පැලවත්තේ වහල් ඩෝබිලාට හැර අනෙක් කාටත් හූල්ලන්න වෙලා. ආර්ථික විනාශය ඇරඹුණා පමණයි...
මේවට අදහස් දානකොට උගත්කම බලන ක්‍රමයක් තිබුනනම් හොඳයි. NPP එක ආණ්ඩුව බාරගන්නකොට රටේ ආර්ථිකය කොහොමද, දැන් කොහොමද කියලා අදහසක් නැති මිනිස්සු ගැන මොනව කියන්නද ? උන් හැම විටම හිතුවේ බඩ ගැන විතරයි. දුප්පත්ම මනුස්සයෙක් උනත් තත්ත්වය අවබෝධ කරගත්තනම් දෙයක් වවාගෙන කන්න හරි හිතනවා. අනික් එක, මේ රජයට බනින්න මේක දැනට තියෙන ආණ්ඩුව ඇතිකරපු දේවල් නෙමේනේ
පච මීටරේ ජනගත කළා කළා නම් අගය 100%. ඊට අමතරව කයිවාරු මීටරේ, විහිළු මීටරේ, හානා මීටරේ වගේ ඒවත් එනකන් ජනතාව බලන් ඉන්නවා.
ලංකාවේ මිනිස්සු හොරු ඇල්ලීමෙන් රට දියුණු කරන්න බලාගෙන ඉන්නේ.. සංවර්ධන ව්‍යාපෘති වලින් නොවේ... ගොබ්බයෝ මේක තේරුම් ගන්නකොට තව අවුරුදු 5ක් ඉවරයි...
මාලිමා "වොෂින්ටන්වරු" එම සමීක්‍ෂණයටත් බැහැලා ලොක්කාගේ අගය වැඩි කරලා දෙයි. නමුත් අනුර මීටරය පමණක් නොවෙයි, ආණ්ඩුවේ සමස්ත සියලු මීටර් ෆේල් බව මේ වන විට ඕනෑවටත් වඩා ඔප්පු වී ඇත...
රටක සංවර්ධනය මැනීමේ දණ්ඩ වනුයේ ජනතාවගේ ජීවන තත්වයයි. අපි කන හැටි ලිපා දනී කියලා තියනවානේ... අපට අනුර මීටරේ වුවමනාවක් නැහැ. අපි මැරිලා, ඉපදිලා නැහැ. ඔබලාගේ තමන්ගේ වර්ණනාවේ දුගඳ අහස් උසට....
හිටපු දූෂිතම පව්ල් පාලනේ අය මැති ඇමැතිකම් අරගෙන මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම කාබාසිනියා කෙරුවා ආසියාවේ ආස්චර්ය ලෝකෙටම පෙන්වපු විදිහ වහලුන්ට මතක නෑ.
ආරක්ෂකයෝ පිරිවරාගෙන දූෂිත දේශපාලුවෝ මහාහයියෙන් සද්දේ දාගෙන ගිය කාලේ දැන් නැහැ. මහින්ද චින්තනය 1,2, තාරුණ්‍යයට හෙටක්, ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම, කියලා ජනතාව රවට්ටපු රැවටිල්ල. ඒ අතින් ජනතාවාදි අදූෂිත නායකයගේ වැඩ පිළිබදව අපි සෑහීමකට පත් වෙනවා.
ආයෙත් කොරෝනා වැනි බෝවෙන රෝගයක් එනවාද? ඔය කියන මීටරේ පරතරේ තියාගන්න ඕනේ පාස්පෝර්ට් පෝලිමේද? එහෙම නැතිනම් හැඳුනුම්පත් පෝලිමේද? මිනිස්සු ඊට කලින් දින රාත්‍රී 9 ඉඳන් පාස්පෝර්ට් පෝලිමේ, බොරු නම් පාස්පෝර්ට් කන්තෝරුවේ පොලිස් පොයින්ට් එකට කෝල් එකක් දීලා අහන්න.. කයිය නම් ගහනවා රජයේ කාර්යාල වල වැඩ ගැන නම් කතා කරලා වැඩක් නැහැ...
ඔය කියන මීටර් කෙසේ වෙතත් මේ වසරේ අන්තිමේ පළාත් සභා ඡන්දයක් තිබොත් පෙනේවි මාලිමාවේ ඡන්ද ප්‍රතිපලය නැවත 3% දිශාවට සීග්‍රයෙන් පල්ලම් බසින බව , ඇමැතිවරුන්ට රජයේ ආයතන එකකවත් කන්ට්‍රෝල් නැහැ උන් ඕනේ විදිහට පගාව ගහනවා , ජනතාව පිඩාවට පත් කරනවා , අල්ලස දුෂණය හැමතැනම
රජයේ වියදම දිනකට රුපියල් බිලියන 7 කි... ආදායම බිලියන 5.5 කි. මේ බිලියන 7 වැඩි ප්‍රමාණයක් වියදම් වෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට 3 ගුණයකට වැඩි ප්‍රමාණයක් සිටින දුෂිත අකාර්යක්ෂම රජයේ සේවකයන් නඩත්තු කරන්න. මේවා කරන්නේ මුදල් හොයන්නේ පුරවැසි අපට තීරු බදු සහ වෙනත් බදු ගහලා, ඒකෙන් රටේ ජීවන වියදම ඉහළ ගිහින් ආහාර, බෙහෙත් දරුවන්ගේ ටියුෂන් වලට සල්ලි දුන්නාම වැටුප ඉවරයි... ජනාධිපතිතුමනි මේ තත්වයට විසඳුමක් දෙන්න...
පච මීටරය නම් නොනවත්වාම දුවනවා.
ඇස්, කන් නැති, මොලේ උඩ ඉන්න වහලුන්ගේ කමෙන්ට්ස් දැක්කාම කියන්න වචන නැහැ. ජනතාවට යහපතක් වෙනවාට අකැමැති කුහකයින් ගැන මොන කතාද?
පිටරැටිය ලංකාවට ඇවිත් ගහපන් රවුමක් බතරමුල්ල පැත්තේ ?
පච කොටා තවත් පච වපුරනවා. දැන් ඇති හලෝ.
පච මීටරේ නම් හොඳට වැඩ
පිටරැටියා නෙමෙයි වහුපැටියා
බඩ ගැනම හිතන අතීතයේ කෝමා තත්වයේ ඉඳල හදිසියේ අවදිවෙච්ච උන්ට ආයෙමත් බඩගිනි වෙලා මෙතන කමන්ට් කරල, හැබැයි ටිකක් අවදියෙන් බලනව නම් රජයෙ කෝපා කෝප් කමිටුවල විමර්ශන වලදි පේනවඇති කෙරුවාව. සමහරු හැංගිලා , මෙතන සමහරු කියනව හොරු අල්ලල දියුණු වෙච්ච රටක් නැහැ කියල , එහෙනම් මෙච්චර කල් නොකලෙ ඒකනේද රට දියුණු වෙන්න එපායැ, නැහැ නේද, ලෝකෙරටවල් හොරුන්ට උදව් කරනවද , බඩ ගැන හිතන සමහරු ඉවරයි කියල හිතුවට එහෙම නැහැ.
පාතාලයො එයාපෝට් වලින් යනකන් බලාගෙනහිටපු පාලකයො පත්කරපු බබාල මෙතන වැලලෙනව පාතාලය හිස ඔසවලා කියල, රට රට වලට පැන්න මැරයො මරා ගන්නව උන්ට ආයුධ සැපයුවෙ මේ රජයද තමුන්ල උඩ තියාගෙන හිටපු පරණ පලෙකයොද. මේ කතාවලට ඩිස් ලයික් දාන මහත්වරු හිතන්න තමුන්ල වෙලක් ඇර වෙිලක් කන්නෙ කාගෙ වරදින්ද කියල
බාලබෙහෙත් ගහගෙන නිර්වින්දනය වෙච්ච සමහරු මේ රජයට බනිනව ,දැන් හිටපු උන් හොඳ වෙලා, හැබැයි තමුන් හිඟන්නො කලේ උන් බව අමතකයි
අනුරගෙ මීටරේ බලන්නෙ මොකටද , බලය ලබාගෙන මාස දහයෙන් ඕව කරනව කීවද, මේක මඩ වැඩක්, එල්ලෙන්න වැල් නැති විපක්ෂයට හපන්න කටුවක්, පොරොන්දු ඉටුකරන්න සාධාරණ කාලයක් යනව,ඒක ඕනම කෙනෙකුට වැටහෙනව, සමහර ඒව අරඹලා ඒව ට කාලයක් යනව, වැඩි පුරම දුන්න පොරේන්දුව වංචාව දූෂණය නැති කිරීම, ඒකට ප්‍රවේශය ඉහටත් උඩින්. මේ සත්‍ය පිළිගන්න බැරි නම් කනගාටුයි.මොලය බලවගන්න.
අපිව ගොනාට අන්දලා ආයෙත් පැරණි හොරුන්ට බලය අරන් දෙන්නද හදන්නේ? කාගෙන්ද ඔය වැඩේට මුදල් ලැබුණේ ?
පිටරැටියා නෙමෙයි වසුපැටියා .නියමයි
අමුතුවෙන් ලියන්න දෙයක් ඉතුරුවෙලානෑ.බැලූබැල්මට හිතාගන්න පුළුවන් කමෙන්ට් වලට ලයික් වැටිලා තියන විදියෙන්.
ඕකට අපි එකතු කරමුද මහින්ද, මෛත්‍රී, ගෝටා සහ රනිල් මීටරයත්. එතකොට ඔය උඩුබුරලන උන්දැලගෙ කුලප්පුව සනීප කරන්න ජලභීතිකා එන්නත ( anti rabies) දීලවත් බැරිවේවි.
ඕකට අපි එකතු කරමුකො මහින්ද, මෛත්‍රී,ගෝටා, රනිල් මීටරේත්. එතකොට ඔය උඩුබුරලන උන්දැලාට හැදෙන පිස්සුව සනීප කරන්න ජලභීතිකා එන්නත ( anti rabies) දීලත් බැරි වේවි.