(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටේ ඉහළම අධිකරණ වලට විනිශ්චකාරවරුන් අට දෙනෙක් පත් නොකර සිටීමෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වාර්තාවක් පිහිටුවා ඇතැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් එක් ප්‍රධාන කාරණයක්.නීතියේ ආධිපත්‍ය නැති රටක ආර්ථික සංවර්ධනයක් නෑ.බදු ගහන්න පුළුවන් වුණත් නීතියේ ආධිපත්‍ය නැති රටකට ආයෝජන එන්නේ නෑ.ඒ වගේම ආයෝජන රැඳිලා තියෙන්නෙත් නෑ.අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබුණා.වෙස්මිනිස්ටර් ක්‍රමයේ ආණ්ඩු ක්‍රමයක් ඇති කරන, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන ආණ්ඩුක්‍රමයක් සහිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව කිව්වත් අද වන විට කිසිම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කෙනෙක් ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.