
(ආනන්ද ඉ ජයකොඩි)
අනියම් ප්‍රේම යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව කියන දෙදරු මවක් වූ තිස් හත් හැවිරිදි ඇගළුම් සේවිකාවක් පිහියකින් ඇණ ඝාතනය කොට පයිනස් වත්තක සැගවී සිටි ඝාතකයෙකු අද (22) පාන්දර අත් අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලීසිය පැවසීය.
අලවල හෑපනාකන්ද ප්‍රදේශයේ පදිංචි වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඇගළුම් සේවිකාවක් වශයෙන් සේවයේ නියුතුව සිටි තිස් හත් හැවිරිදි විවාහක දෙදරු මවක් වන ඇන් එච් ආර් ශ්‍යාමලී නැමැත්තිය ඊයේ (21) පස්වරුවේ හෑපනාකන්ද ප්‍රදේශයේ දී මග රැක සිටි පුද්ගලයෙකු ඇයට පිහියකින් ඇණ බරපතල තුවාල සිදු කොට පැන ගොස් තිබිණ.
බරපතල තුවාල ලබා සිටි ඇය වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කොට සිටියදී ඊයේ (21) රාත්‍රියේම මිය ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබිණ.
මේ පිළිබඳව ලද තොරතුරකට අනුව අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් අද (22) පාන්දර හෑපනාකන්ද ප්‍රදේශයේ පයිනස් වත්තක් වටලා සෝදිසි කළ අවස්ථාවේ එහි සැගවී සිටි ඝාතකයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
සැකකාර ඝාතකයා අත් අඩංගුවට ගෙන වැඩිදුරටත් කරන ලද පරීක්ෂණවලදී සැකකාර ඝාතකයා ඇගළුම් සේවිකාවට අවස්ථා කිහිපයක්ම අනියම් සම්බන්ධයක් පැවැත්වීම සඳහා යෝජනා කර ඇති බවත් ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඝාතනය සිදු කොට ඇති බවට හෙළි වී ඇත.
ඇගළුම් සේවිකාව සේවය නිමා කොට බස් රථයකින් පැමිණ බැස නිවසට යාම සඳහා වනගත ප්‍රදේශයක් හරහා පා ගමනින් යමින් සිටියදී මග රැක සිට පිහි ප්‍රහාරය එල්ල කොට ඇති බවද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනයට යොදා ගත් බව කියන පිහියක්ද සගවා තිබියදී පොලීසිය සොයා ගෙන ඇත.
ඝාතකයා ද අලවල හෑපනාකන්ද ප්‍රදේශයේම පදිංචි හතළිස් හත් හැවිරිදි අවිවාහකයෙකු බවට පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මේ පිළිබඳව අත්තනගල්ල පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ හා ගම්පහ සහකාර පොලිස් අධිකාරී 05 උපාලි කාරියවසම් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතා ගේ මෙහෙය වීම යටතේ එහි උප පොලිස් පරීක්ෂක ධර්මසිරි, පොලිස් සැරයන් කිත්සිරි 9332, පොලිස් කොස්තාපල් වරුන් වන රාජපක්ෂ 12015, පොතුපිටිය 97432 හා පොලිස් සැරයන් රියදුරු බණ්ඩාර 34568 යන මහත්වරු වැටලීමට සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
356
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනියම් පෙමට බැහැ කියූ දෙදරු මව මරලා
KALINDU Thursday, 22 September 2022 01:51 PM
මෙ වගෙ අයව නම් අයුද පෙන්නන්න ගෙනිච්චට කමක් නැහැ.
Surain Thursday, 22 September 2022 03:33 PM
සැබෑ ලෙසම පෝරකයට යවන්න.