IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අනුමත ඕනෑ එන්නතක් ඔට්ටුයි - ඇමෙරිකාව කියයි

ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කළ ඕනෑම 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතකට තමන් අනුමැතිය ලබා දෙන බව ඇමෙරිකානු ජාතික වසංගත රෝග පාලනය සහ වැලැක්වීමේ සී.ඩී.සී. ආයතනය නිවේදනය කර තිබේ.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් ඕනෑම විදේශිකයකුට නිරෝධායනයට ලක් නොවී ඇමෙරිකාවට පිවිසීමට අවස්ථාව ලැබේ.

ඇමෙරිකා රජය මේ වනවිට චීනය, ඉන්දියාව, බ්‍රසීලය සහ යුරෝපීය රටවල් රැසක් ඇතුළු රටවල් 33 කට පනවා තිබූ සංචාරක තහනම ද ඉවත් කර ඇත. ඒ, පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක්වුණු විදේශිකයන් සදහා වෙනුවෙන් එරට විවෘත කරමිනි.

මේ වනවිට හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී ඇත්තේ ෆයිසර්, මොඩර්නා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම් සහ සිනොවැක් යන එන්නත් සදහා පමණි.

(රොයිටර්)



අදහස් (7)

අනුමත ඕනෑ එන්නතක් ඔට්ටුයි - ඇමෙරිකාව කියයි

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 09 October 2021 10:23 AM

ප්‍රශ්නය විසඳීම සතුටට කරුණක්.. මේ නිසා අප ඇතුළු ලොව ඇතැම් රටවල ජනතාවට කිසියම් සහනයක් ලැබේවි. ..!!!

:       0       22

Rahul Saturday, 09 October 2021 10:44 AM

සයිනොෆාම් විරෝධීන්ට මොනවා වෙලා ඇතිද මේ වෙනකොට...?

:       6       33

කිරි පුතා Saturday, 09 October 2021 11:13 AM

නව සාමාන්‍යකරණය යටතේ ලෝකයම විවෘත වෙමින් පවතියි. එන්නත්කරණය තමයි දැනට ඇති එකම දෘෂ්‍ය විසඳුම. තව තව ප්‍රතිකාර ක්‍රම ඉදිරියේ දී ඒවි. කොරෝනා තමන්ට අවශ්‍ය දේ කර නික්ම යාවි...

:       4       19

Nuwan Saturday, 09 October 2021 01:24 PM

ඇමරිකාව කියන්නෙ ලිබරල් ප්‍රජාතන්ත්‍රවදී රටක්. අරයගෙ මෙයාගෙ ඇරියස් නෙවෙයි නියම විද්‍යාත්මක පදනමක් ඇතිව ස්වාධීන තීරන ගන්න ආයතන තියනවා. ඕක නොතේරෙන ගොබ්බ සමාජවාදියො, ලිං මැඩියන් නිසා ලෝකෙම විනාස වෙනවා. පවු.

:       4       25

primeshika Saturday, 09 October 2021 01:44 PM

එතකොට ස්පුට්නික් ගත්ත අයට බැරිද? 

:       2       9

Sriland Saturday, 09 October 2021 04:04 PM

බඩුත් හාමුදුරුවන්ගේ... නඩුත් හාමුදුරුවන්ගේ...

:       24       7

Bamunuarachchi Saturday, 09 October 2021 04:45 PM

කැනඩාවත් එහෙම කරයි කියලා බලාපොරොත්තු වෙනවා...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site