(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපති උපදෙස් දී ඇත.
එක්සත් තව්හිද් ජමාද්, සිලෝන් තව්හිද් ජමාදි, ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුනිනකුලි මෙහොමදිය, දාරුල් අදර් ජමිලිඋල් අදර්, ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය, ජමිය, අයි.එස්.අයි.එස් සංවිධානය, අලිඩි කයිඩා සංවිධානය, සෙවි ද පර්ල් සංවිධානය, සුපර් මුස්ලිම් සංවිධානය මෙසේ තහනම් කිරීමට උපදෙස් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් එන හැඩයි ..
කෝ බොදු බල සේනා?
බුදු අම්මෝ ... මේ තරම් මුස්ලිම් සංවිධාන අරාබිකරයේවත් නැතුව ඇති.
බොදුබල සේනා, සිංහල රාවය, සිංහ ලේ, රාවණා බලය ... මේ ඔක්කොම කවද්ද තහනම් කරන්නේ?
සුපිරි මුස්ලිම්...? නියම නම...
නොකෙරෙන වැඩ.. ළඟදී තව බෝම්බ දෙක තුනක් යයි.
ඉතාම හොඳ වැඩක්. අන්තවාදීන් නම් ඒ අයට ආගමක්, දහමක් නැති අය...
ඔය මුස්ලිම් සංවිධාන තහනම් කළ එක බොහොම හොඳයි. ඕකෙම අනිත් පැත්ත වන බොදු බල සේනා, මහසෝන් බලකාය, රාවණා ඇතුළු බෞද්ධ, අන්තවාදී සංවිධාන තහනම් නොකරන්නේ ඇයි? අදහන ආගම කතාකරන භාෂාව, අඳින ඇඳුම වෙනස් වුණාට ඔය ඔක්කොම "එක වල්ලේ පොල්" ඔක්කොම මිලේච්ඡයින්.. ඔවුන් මේ මහපොළවට පිළිලයක්. ඒ වගේම ඔය දෙපැත්තේම අන්තවාදී කල්ලි සියල්ල පෝෂණය කලේ, පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් තමයි.
සිංහල සොහොයුරන් හොඳ මුස්ලිම්වරුන් සමගයි. සැබෑ මුස්ලිම් දහම මෙපමණ කල් රටේ තිබුණා කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. මුස්ලිම් සිංහල සහෝදරවරු සමගියෙන් අසුරු කළා. ඒත්, සැබෑ ආගම නොවෙන මේ අන්තවාදී පිස්සන් රැළක් විකෘති වසංගතයක් ගෙනල්ලා මුස්ලිම් වරුන්ගේ විනාශය ලංකරනවා. මොවුන් කියන මේ විකාර ඔවුන්ගේ සිහින විතරයි. මේ පිස්සු සංවිධාන තහනම් කිරීම සැබෑ මුස්ලිම් දහමේ පැවතීමට හොඳ වාතාවරණයක්.
බොදු බල සේනා වැනි සංවිධාන වලින් කරන්නේ මුස්ලිම් අන්තවාදින් මෙන් බෝම්බ පිපිරවීම නොවේ. බෞද්ධයින්ව අන්දාගෙන මුදල් හම්බ කිරීමයි. ඔවුන්ගේ කෝටි ගණන් වටිනා වාහන වලින් ඒ බව පෙනේ...
ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය, විශේෂයෙන්ම ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන මුස්ලිම් ශිෂ්‍යයන් ඉලක්ක කොටගෙන මෙය ක්‍රියාත්මක වන බව අවිවාදාත්මකය. විශේෂයෙන්ම දැනට ලංකාවේ විශ්වවිද්‍යාලවලට පැමිණෙන මුස්ලිම් ශිෂ්‍යාවන්ට අලු ඇඳුම දැමීමට වඩාත්ම ඒත්තු ගන්වනුයේ වැඩිහිටි මුස්ලිම් පිරිමි ශිෂ්‍යයින්ය. ඒ හා සම්බන්ධ බොහෝ දේ වගකිව යුතු පිරිස් සොයාබැලිය යුතුයි. ඔවුන්ගේ ආගමික අයිතිය හා නිදහස පිළිබඳව මගේ විවාදයක් නොමැත. නමුත් විශ්ව විද්‍යාලයන්හි මීට අවුරුදු 8 හෝ 10ක් වන කාලයේ එවන් කලු ඇඳුමක් භාවිතා නොකළ අතර, බොහෝවිට විශ්ව විද්‍යාලයට නවකව පැමිණෙන විට මුස්ලිම් ශිෂ්‍යාවන්ට මෙය අනිවාර්ය තත්වයක් බවට අකමැත්තෙන් වුවද පටවනු ලබයි. ඒ අනුව විශ්ව විද්‍යාලයක ස්වකීය අවශ්‍යතා මත කැමති අැඳුමක් ඇඳීමට අවස්ථාව ලැබිය යුතුයි. ඒ අනුව මෙම සංගමය තහනම් කිරීම වඩාත් සුදුසුයි..
පොඩ්ඩක් බලන් ඉමු තහනම ක්‍රියාත්මක වෙනවාද කියලා
තහනම් කරලාද ? තහනම් කරන්න නිර්දේශ කරලාද? ඒකත් ආණ්ඩුවේ නෙවෙයි නීතිපතිගේ.
මේකත් අර ගව ඝාතනය තහනම් කරනවා වගේද දන්නේ නෑ..... හිහිහි
සියලුම අන්තවාදී සංවිධාන තහනම් කිරීම සම්බන්ධව අපි සතුටුවිය යුතුයි. කිසිම දහමක් අන්තවාදයට අනුබලය ලබා දීලා නැහැ. සමහර මෝඩ අනුගාමිකයන් තමන්ගේ දහම් විකෘති කරගෙන තමන් අදහන ආගමට සහ දහමට අන්තවාදී මුද්‍රණය ලබා දීලා තියනවා. සහරාන්ගේ මග, මුහම්මද් නබිතුමාගේ මග නම් ඉස්ලාම් දහම අපට අවශ්‍ය නැහැ. එමෙන්ම ඥාණසාර හාමුදුරුවන්ගේ ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදය නම් බුදුදහමත් අපට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වන්නේ මැදිහත් මානව හිතවාදී දහම්...
පාස්කු විමර්ෂන කොමිෂන් වාර්තාවෙම තියෙනවා බොදු බල සේනා සහ සිංහල අන්තවාදී කණ්ඩායම් තහනම් කරන්න ඕනෑ කියලා.. එ්ක මග ඇරලා එ්කෙ නැති එ්වා කරනවා... මොවුන්ගේ දෙබිඩි ක්‍රියා..