ඉන්දිකා රාමනායක
සහරාන් හසිම් නැමැත්තාගේ අන්තවාදී මත අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෝ දෙදෙනෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් (31) (32) යන වයස්වල පසුවන්නන් බව ද පොලීසිය කියයි.
වට්ස් අප් සමූහයක් එක් රැස් කරගෙන මොවුන් මෙලෙස අන්තවාදී මත ප්‍රචාරය කර ඇති බවද පොලිසිය පවසයි.
පාස්කු ප්‍රහාරය සිදු වු උණුසුම මැද සහරාන් හෂීම් ඇතුළු පිරිසකගේ යාඥාවක් සහිත ඡායාරූපයක් අන්තර්ජාලයට මුසු කර තිබූ අතර එම යාඥාව සහ ඡායාරූප අන්තර්ජාලයට මුසු කර ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් අයකු බවද පොලිසිය පවසයි.
මෙම දෙදෙනා කටාර් රාජ්‍යයේ සිට අන්තවාදය පතුරමින් සිට ඇති අතර ශ්‍රී ලංකාව ඔවුන් සම්බන්ධයෙන් කළ දැනුම්දීමකට අනුව ඉකුත් නොවැම්බර් මස මොවුන් දෙදෙනා කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කර තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔවුන්ට ප්‍රතිඋත්තර දෙන නිසා සමහර සිංහලයින්ට අපිව ජාතිවාදීන් හැටියට පෙනෙනවා. එතනයි අපිට තිබෙන ප්‍රශ්නය