IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අනතුරින් දෙදරු පියා මරුට

(ජයවර්ධන දිසානායක  සහ සමන් කේ. ගමගේ )

මරදන්කඩවල පොලිස් බල ප්‍රදේශයේ ඒ නවය මාර්ගයේ 101 කිලෝමීටර් කණුව ආසන්නයේ දී හවස සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ පියා මියගොස් මව සහ  දියණිය තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මරදන්කඩවල පොලීසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ මිදිවත්ත, යොවුන් ගම්මානයේ පදිංචි  දෙදරු පියෙකු වන හතලිස් දෙහැවිරිදි  පී.ඩබ්. බංඩාර නැමති අයෙකි.                   

අවුරුදු නෑගම් ගොස් නැවත තම නිවස වෙත යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදියට පිටු පසින් පැමිණි ඇල්ටෝ වර්ගයේ  මෝටර් රථයක් යතුරු පැදියේ ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුවී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසූ මියගොස් ඇති අතර පසුපැදිකාරියන් වූ මිය ගිය අයගේ බිරිඳ හා දියණිය බරපතළ තුවාල ලබා සිටීම නිසා වැඩි දුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇත. කාන්තාවගේ තත්වය බරබතල බව රෝහල් ආරංචි මාර්ග කීය.

මෝටර් රථයේ රියැදුරු ආරක්ෂක අංශයේ සේවයේ නියුතු වූවකු වන අතර මෝටර්  රථය සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අධික වේගය හා බීමත් ලෙස රිය ධාවනය අනතුරට හේතූ වී ඇතැයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වූ බව ද පොලිසිය කීය. සැකකාර රියැදුරු අද (17)  කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ .

මරදන්කඩවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුසංඛ දිසානායක මහතාගේ උපදෙස් පරිදි රථවාහන  අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

 



අදහස් (0)

අනතුරින් දෙදරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site