(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අන්තර්ජාලය ඔස්සේ සුරූපී කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පවත්වාගෙන ගිය ගල්කිස්ස වෙරළ පාරේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් වටලා කාන්තාවන් නව දෙනෙක් ඇතුළු එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි .
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මෙම ජාවාරම පිළිබඳව එම කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ, එස්,පුෂ්පකුමාර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් යොදවා රහසිගතව ඒ සම්බන්ධයෙන් දින ගණනාවක් සොයා බලා තහවුරු කරගැනීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම සිදුකළ බව පොලිස් නිලධාරියකු පැවැසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ මහන්සිය අපරාදෙ....
" සුරූපී" නම් මොන එහෙකටද අන්තර් ජාලයෙන් විකුනන්න වෙලා තියෙන්නේ. මම හිතන්නේ " විරූපී" අය සුරූපී කියල විකුනනවා වෙන්න ඇති.
පොලීසියට වෙන වැඩක් නැහැ.... නේද? මෙවා තමයි ලංකාවෙ තියෙන ලොකුම අපරාධ.... මධූෂ්ට වෙඩි තියලා දුවපු අය තමයි .... දුවනවා අල්ලන්න බැහැ.
ඉතින් මොකද වෙන්නේ? මොලේ තියෙන එකා මොලේ පෙන්නලා හම්බ කරනවා. රූපෙ තියෙන එකා රගපාලා හම්බ කරනවා. කටහඩ තියන කෙනා සිංදු කියලා හම්බ කරනවා. කට තියෙන කෙනා කෑගහලා හම්බ කරනවා. හැමෝම කරන්නේ තම හැකියාවන් විකුණන එකනේ...