IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන් අලෙවි කළ ස්ථානයක 8 ක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්ථාන දෙකක් වටලා, කළමනාකාරවරියන්  දෙදෙනකු ඇතුළු  කාන්තාවන් 8 දෙනකු , අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

මාගම්මන සහ ජයලියගම යන ප්‍රදේශ වල කුලී පදනම මත ලබාගත් ස්ථාන දෙකක මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

ඒ අනුව ජයලියගම ප්‍රදේශයේ දෙමහල් නිවසක්  මාස 8 ක සිට රුපියල් 80,000 මුදලකටත්, මාගම්මන ප්‍රදේශයේ  නිවසක් රුපියල් 30,000 ක  මුදලකට , සති දෙකකට පෙර ලබාගෙන, අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කොට ,මෙසේ කාන්තාවන්  මුදලට අලෙවි කර ඇති බව පැවසේ.

ඒ වනවිට ජයලියගම  ලැගුම්හලේ රැදී සිටී කළමනාකාරවරිය සමග කාන්තාවන් තිදෙනකු ද  මාගම්මන ලැගුම්හලේ සිටි කළමනාකාරවරිය සමඟ කාන්තාවන් තිදෙනෙකුද මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි .

පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී , මෙම කාන්තාවන්ගේ ඡායාරූප හා තොරතුරු අන්තර්ජාලයේ පලකොට  රුපියල් 5000 සිට රුපියල් 10,000 දක්වා මුදලකට අලෙවි කර ඇති බවත් ,පැය 24 පුරා සේවා සැපයීමට එහි රැඳී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසේ .

 



අදහස් (0)

අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන් අලෙවි කළ ස්ථානයක 8 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site