(ටෝනි කරුණානායක)

කොටදෙණියාව මැල්ලවගෙදර  - පන්නල මාර්ගයේදී වූ අනතුරකින් යතුරු පැදිකරු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථය පැදවූ නීතිඥවරියක ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සංජීව හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබුවේ‍  මිසිකා රොසෙල් නිශ්ශංක නැමැති නීතිඥවරියෙකි.

මෙම අනතුරින් තුවාල ලැබූ දලුපත්ගෙදර මැල්ලවගෙදර පදිංචිව සිටි කේ.කේ. ජේමිස් අප්පුහාමි නමැත්තා කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇති බවට පොලිසිය අධිකරණය හමුවේ කීය .

සැකකාරිය නීතිඥවරියක් හෙයින් ඇපමත මුදා හරින ලෙසට නීතිඥ කණ්ඩායමක් අධිකරණයෙන් ඉල්ලා සිටිය ද සැකකාර රියදුරුවරිය 22 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කෙරුණි .