(සමන් එස් රත්නායක)

හැටන් - කොළඹ මාර්ගයේ යටියන්තොට අලිවත්තේදී මෝටර් රථයක් කැලණි ගඟට වැටී ඇති අතර එම ස්ථානයේදී සිදුවු තවත් අනතුරකින් රථවාහන පහකට හානි සිදුව ඇතැයි යටියන්තොට පොලිසිය කියයි.

කැලණි ගඟට වැටුණු මෝටර් රථයේ සිටි තිදෙනකු රෝහල් ගත කර ඇත.  එම සිද්ධිය දැක බලා ගැනීමට විශාල පිරිසක් රථ වාහනවලින් පැමිණ මාර්ගය අයිනේ වාහන ගල් කර තබා ඇත.

ඒ අතර අඹේවෙල දක්වා සත්ත්ව ආහාර ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගය දෙපස නවතා තිබූ වාහන පහක ගැටීමෙන් එම ලොරි රථයට සහ වාහන පහකට දැඩි හානි සිදුව තිබේ.

ත්‍රිරෝද දෙකක්, බස් රථයක් හා වෑන් රථයකට මෙසේ දැඩි ලෙස හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. එම අනතුරින් කිසිවකුටත් අනතුරක් සිදුව නැති අතර වාහවලට දැඩි හානි සිදුව තිබේ.