
(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ලට විශාල පිරිසක් පැමිණීම නිසා තංගල්ලේ මාර්ග රැසක වසා දමා ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.
ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ල බන්ධනාගාර දෙසට ගමන් කිරීම හේතුවෙන් දැඩි ආරක්ෂාවක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය කියයි.
විරෝධතා කරුවන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට තංගල්ල බලා ගමන් කරයි.
මෙම විරෝධතාවට සහභාගීවීම සඳහා විරෝධතාපුවරු රැගෙන පිටකොටු ගාල්ල ආදී දුම්රිය ස්ථානවල සිට තංගල්ල බලා විශාල පිරිසක් ගමන් කරමින් සිටින බව වාර්තා වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය නම් මහ පුදුම කරුමක්කාරයින් රැළක්නේ. පාරක යන්න නෑනේ. ගහලා එලවන්න ඕනේ.... !
දරුවෙක්, මල්ලෙක් හදාගෙන හොඳින් ජීවත් වෙන්න..., විවාහයක් කරගන්න ඕනෑ. නැතිනම් රටකට වැඩක් ඇති වගාවක්, රැකියාවක් ඉගෙනීමක් කරන්න ඕනේ. මේ මොන කරුමයක්ද? මේ අය එන ගම්වල මිනිස්සු මොවුන්ට ගහලා පන්නන දවස වැඩි ඈතක නැහැ.
අපිත් කොල්ලො කාලේ කැම්පස්වල ඕවට ගියා... දැන්නම් ඔය කවුරුත් නැහැ. මගේ පාඩුවේ දැන් බිරිඳ එක්ක කල් ගෙවනවා. අන්තිමට තමන්ට තමන් විතරයි. ඒක දැනගෙන මේ ගමන යන්න ඕනේ... අන්තිමට දරුවන්වත් අද කාලේ නොසලකන යුගයක්...
රනිල් ඇත්ත ත්‍රස්තවාදීන් නිදහස් කරනවා...
මෙි රටෙි අහිංසක මිනිසුන්ගේ බදු මුදලින් නඩත්තු වෙන විශ්ව විද්‍යාල වල ඉගෙන ගනු ලබන අහිංසක දරැවන් "බ්‍රෙින් වොෂ්" කරවල ඔවුන්ගේ අනාගත ගමන් මගට වලවල් කපන (Inferiority complexion) හීනමාන විසාදියෙන් පෙළෙන කාළකන්නි සනුහරේ මෙි දරැවන්ගේ අනාගතය කඩාකප්පල් කරනවා. මෙි සැබෑ "අරගලය"ද?
I don't think most of them are university students as shown in the pictures...
රනිල් වික්‍රමසින්හටත් අමතක නම් තමා ජනාධිපති උනේ අරගලය නිසා කියල අනෙක් අය ගැන කුමන කතාද?
ආණ්ඩු පෙරලන්න අවුරුදු 50 ක් තිස්සේ පාරේ පෝස්ටර් ගහපු අය ,ඒ දෙය නිර්පාක්ෂික තරුණයන් පිරිසක් විසින් දින 90 කින් කරලා පෙන්නුවා දැන් මෙයාලා දන්නවා ක්‍රමේ මේකයි කියලා, බලයට එන්න දැන් කරන්න තරුණයන්ව මේ විදිහට උසි ගන්වන එක. මේ රට අන්තිම අඩියට ඇදලා දාපු හොර දේශපාලකයෝ සහ මේ අය අතර මොන වෙනසක්ද ? 3% තියාගෙන ඔහොමනම් මේ හීනමානකරයින්ට කොහොමද ඊට වඩා ලැබිලා තිබුනානම්
නිදහසින් පසුව කැම්පස්වල අරගල කළ කොමියුනිස්ට් කාරයෝ, සමාජවාදියෝ, විප්ලවකාරයෝ හිටියා රටට මෙහෙම වෙයිද? කැම්පස් අවුට් වෙලා ලොකු ජොබ් එකක් අරන් හොඳ තැනකින් මගුලක් කරගෙන ගමේ අම්මා තාත්තා අමතක කරන්නේ මේ හීනමාන රැළ.. තර්ජනවලට බයේ මොවුන් පස්සේ යන අහිංසක දරුවන්ගේ අනාගතය විනාශයි. දරුවනේ බලන් කඩතුරා හැර දෑසේ...!
Why cant they put this energy for something useful.