
බෙංගාල බොක්ක ආසන්න මුහුද යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර කේබල් පද්ධතියේ තාක්ෂණික ගැටළුවක් හට ගෙන ඇති බව දුරකථන සේවා සමාගම් පවසයි.
ඉන්දියාව, මැදපෙරදිග සහ අග්නිදිග ආසියාවට අන්තර්ජාල පහසුකම් ලබා දීම මෙම කේබල් පද්ධතියෙන් සිදු කෙරේ. කිලෝ මීටර් 8000 ක් දක්වා මෙම කේබලය දිව යයි.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ ජංගම දුරකථන සේවා සැපයුම් කරුවකු ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ අදදින තම අන්තර්ජාල සබඳතාව වරින්වර විසන්ධි වීමක් හෝ වේගය අඩු වීමක් සිදු වීමට ඉඩකඩ තිබෙන බවයි.
බෙංගාල බොක්කේ මුහුද යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර කේබල් පද්ධතියේ ඇති වී තිබෙන තාක්ෂණික ගැටළුවක් නිසා මෙසේ අන්තර්ජාල සබඳතාව වරින් වර විසන්ධි වීමට හෝ අන්තර්ජාල සබඳතාවේ වේගය අඩුවීමට ඉඩකඩ තිබෙන බව දුරකථන සේවා සමාගම් පවසයි.
නමුත් දුරකථන සේවා සපයන සමාගම් මෙය යථා තත්ත්වයට පත් කරන දිනයක් හෝ වෙලාවක් සඳහන් කර නොමැත.
(විමුක්ති එස් රුද්‍රිගු විදෙස් පුවත් ඇසුරෙන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd