
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බට ලන්ද පමණක් නොව සෙසු වධකාගාර ගැන කතා කිරීමටත් ඕනෑ තරම් කල් තිබෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
බටලන්ද වධකාගාරයේ පමණක් නොව තවත් වධකාගාර රැසක් ඒ කාලේ තිබුණා. අපි ඒ ගැනත් කතා කරමු.අපිට ඒ වධකාගාර ගැන කතා කරන්නත් කල් තියෙනවා.උතුරේ උනත් දකුණේ උනත් අපරාධ වලට වග කිව යුතු අය නීතිය හමුවට පමුණුවන්න අප පසුබට වන්නේ නැහැ. 88-89 භීෂණයට වගකිව යුත්තේ එවකට පැවති එජාප රජයයි. බටලන්දේ වින්දිතයන්ගේ පවුල් වල ඥාතීන් අදටත් ජීවත් වෙනවා.ඔවුන්ගේ දුක් කම්කටොලු ගැන අපට හැඟීමක් තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
වධකාගාර හොඳයි හෝ භීෂණය සාධාරණයි කියා කිසිවෙකුටත් කිව නොහැක. නමුත් 71 සහ 89 භීෂණය ආරම්භ කළේ ජ.වි.පෙ. පවතින ඕනම ආණ්ඩුවක් ඊට රරෙහිව රාජ්‍ය බලය යොදවනවා. එම නිසා මේ ඇද ගත්ත කුණු බාල්දිය හරහා ජ..වි.පෙ. කළ ඝාතන ලැයිස්තු එළියට ඒවි. ඇදගෙන නෑමක් මේ. අතීතය අවුස්ස අවුස්සා පළි නොගෙන අනාගතයට මෙවැනි දේ නොවෙන්න වග බලාගැනීම වඩා සුදුසු යැයි සිතමි.
අපිටත් ඕනෑ මේ වගේ අය තමයි. අපි මොන දෙයක් කෙරුවත් හරියි කියන අය එකතුවෙලා නැවත නැවතත් රට බේරාගන්න හිටපු අයවම ගෙන්වමු...!