
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී අයුරින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ යතුරුපැදියක් පදවා ගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී කුරුඳුගහ හැතැක්ම පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කිලෝ මිටර් 63 ක දුරක් යතුරුපැදියක් පදවා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
පුද්ගලයකු යතුරුපැදියක් පදවා ගෙන මාතර දෙසට ගමන් ගන්නා බවට පොලිස් පණිවිඩ හරහා කුරුඳුගහ අධිවේගී පොලිස් මුරපොළ වෙත ලද තොරතුරකට අනුව පොලිස් ගුවන් විදුලි මෝටර් රථයේ නිලධාරීන් විසින් සැකකරු යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පවතින සහ ආපදා තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ නොමිලේ වාහන ගමන් කිරීමට ඉඩ ලබා දෙන බවට දැන ගැනීමට ලැබුන බැවින් කහතුඩුව අධිවේගී පිවිසුමෙන් යතුරුපැදියෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී වැලිගම නිවස කරා යාම සඳහා යමින් සිටි බවට අනාවරණය කළ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැලිගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මාර්ගයට ඇතුල්වුනේ? කහතුඩුව අන්තර් හුවමාරුවෙන් ඇතුල්වෙන්න ඉඩ දුන්න නිසානේ ඇවිත් තියෙන්නේ.
අනුමානයක් නැහැ උගන්ඩාවෙන් සල්ලි ගේනවා රනිල් රාජපක්ෂලා රට කෑවා කියපුදේ ඒ ආකාරයෙන්ම පිළිගත් සිහිබුද්ධියෙන් කටයුතු නොකරන කෙනෙක් කියල පැහැදිලියි අධිවේගේ ගාස්තු නැතුව යන්න පුලුවන් වුනත් යතුරුපැදි හා ත්‍රීවීලර් යන්න තහනම් කියල කියවලා නැහැ