(සුජිත් හේවාජුලිගේ )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක කලාප (REST AREA) තවත් තුනක් ඉතා කෙටි කලකින් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී.කේ අතලුවගේ මහතා ලංකාදීපයට පැවැසීය.
එම විවේක කලාප පිහිටුවීමට සුදුසු ප්‍රදේශ මේදිනවල හඳුනා ගෙන යන බවද ඔහු කීවේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනට ඇත්තේ එක් විවේක කලාපයක් පමණක් වන අතර එය පිහිටුවා ඇත්තේ වැලිපැන්න ප්‍රදේශයේය.
දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට මත්තල ප්‍රදේශය දක්වා(අන්දරවැව)දීර්ඝ කර ඇති තත්වය යටතේ විවේක ප්‍රදේශ එකක් පමණක් ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇතැයි ද විවේක ප්‍රදේශ තවත් තුනක් පිහිටුවීමට සැලසුම් කර ඇත්තේ ඒ අනුව යැයි ද අතලුවගේ මහතා ප්‍රකාශ කළේය.
මාතර සිට මත්තල දක්වාවූ මාර්ග කොටසේද විවේක කලාපයක් මේ අනුව ඉදිරියේදී ස්ථාපනය කෙරෙනු ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් විවේක ප්‍රදේශ පිහිටුවන්නැයි මගින් සහ රියදුරන්ගෙන්ද ඉල්ලීම් රැසක් ලැබී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අධිවේගී පාරේ දැන් විවේක ගන්න තියෙන තැන මීට වඩා මහජනයාට කැත නැතුව පාවිච්චි කරන්න පුළුවන් අන්දමට පිරිසිදුවට තියාගන්න උත්සාහ කලොත් මෙයිට වැඩිය හොඳ නැද්ද? ආපන ශාලාවල මැස්සෝ. වැසිකිලි සේරම ජරාජීර්ණ වෙලා. දුඟද හමනවා. එතෙන්ට වතුර ගන්න ජරාවෙන් පිරුණු ටැංකිය අර ඉස්සර හිටිය මන්ත්‍රී කෙනෙක් මාධ්‍යයට ඇරලා පෙන්නුවා මතකද? ඒක දැක්ක බල්ලොත් නිකන් දෙන බත් කන එකත් නැවැත්තුවා...
ඉතාමත් හොඳයි ඉක්මනින් හදන්න...
කිලෝ මීටර 40කට 1ක් වත් හදමු.. පිටරටවල කිමීටර 20 ට එකක් තියෙනවා.
මේකේ කෑම මිලත් අධිවේගෙ වගේමයි. ගිනි ගණන්... එයට පිළියමක් යොදන්න.