
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් ඉකුත් පැය 24 තුළ රුපියල් මිලියන 35ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල් .වි. එස්. වීරකෝන් මහතා පැවසීය.
එම කාලය තුළ ධාවනය වූ වාහන සංඛ්‍යාව 126760 කි, සාමාන්‍යයෙන් දිනකට ධාවනය වන වාහන සංඛ්‍යාවක් 90000 පමණ ය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ, කොළඹ පිටත වටරවුම් මාර්ගයේ , කටුනායක අධිවේගී මාර්ගයේ හා මධ්‍යම අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් එම ආදායම ලැබී ඇත.
වැඩිම වාහන සංඛ්‍යාවක් ධාවනය වී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ පිටත වටරවුම් මාර්ගයේය. මධ්‍යම අධිවේගී මාර්ගයේ සහ කටුනායක අධිවේගී මාර්ගය අනෙකුත් වාහන ධාවනය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගයෙන් ඉහළයන අධිවේගී මාර්ග ආදායම අධිවේගයෙන් හොරා නොකෑමට රනිල් වගබලාගත යුතුයි.
ද.අ.වේගයේ ප්‍රධාන ආදායම් මාර්ගය මගින් ඇදල එකතු කරගන්න තුට්ටු දෙකයි. අනිකුත් රටවල ප්‍රධාන ආදායම් මාර්ගය රටේ විවිධ පළාත් වලින් වරායවලට යන/එන බරවාහන ආදායමයි. අපි නෑදෑයෝ ඇදලා තමයි ආදායම හොයන්නේ... මෙහෙම කොයි සියවසේද මේ මාර්ගය අපිට සින්න වෙන්නේ...? අධිවේගී මාර්ග රටකට අත්‍යාවශ්‍යයි. නමුත් මේවා ගත්තේ කොමිස් රජාලගේ පවුල් වල කුමර/කුමරි පරපුරට මාළිගා/ දෑවැදි/පට්ට වාහන වලට.