(නිමල කොඩිතුවක්කු)
අධිවේගී මාර්ගවල අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනයට ඉඩ දෙන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
මගීන්ට සහනදායි ගාස්තු ක්‍රමයක් යටතේ අධිවේගී මාර්ග වල ගමන් කිරීමට ඉන් හැකියාව ලැබෙන බවත් ඔහු පැවසීය.
අධි සුඛෝපභෝගී බස්රථ මිලදී ගැනීමට වෙළඳපොලේ හැකියාවක් නොමැති බැවින් ඒ පිළිබඳවත් සැලකිල්ලට ගනිමින් අධිවේගී මාර්ගවල අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනයට ඉඩ දෙන්නැයි ඉල්ලීමක් කරන බවත් විජේරත්න මහතා කීවේය.
එමෙන්ම පහත තට්ටුව සහිත අධි සුඛෝපභෝගී බස්රථ 50ක් කොළඹ දිස්ත්‍රික්කය තුළ ධාවනයට අවසර දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළත් මෙතෙක් ඒ සඳහා අවසර හිමිව නොමැති බවත් ඔහු පැවසීය.
එමගින් කොළඹ මාර්ග තදබදයට විසඳුම් මෙන්ම මගීන්ට ගුණාත්මක බස් රථ සේවාවක් ලබාදීමට හැකියාව පවතින බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා එන්නේ හොඳකට නෙවෙයි... මාෆියා කාරයෙක්...
මිනිස්සු මරන්න හදනවාද?
දැන් හයිවේ එකේ බස් ඉගිල්ලෙන විදිහට මේවත් දැම්මම හොඳට ඉදී .මුලින් නීතිය තදින් ක්‍රියාත්මක කරන්නේ නැතිව මෙය සිදු නොකල යුතු දෙයක්
අනේ මේ මිනිහෝ කොහෙද ඔයාගේ ඔය ගුණාත්මක බස් සේවය තියෙන්නේ ?අති බහුතර බස් සේවකයෝ රස්තියාදුකාරයෝ වගේ .බුලත් කහට පුරවාගෙන .පිරිසිදුවට අඳින්නේ නෑ .රැවුල කපන්නේ නෑ .ඉතුරු ගන්න පුදුම අමාරුයි .කතාකරන්න දන්නේ නෑ
අර්ධ සුඛෝපභෝගි බස් කියන්නේ ගාස්තුව වැඩියෙන් ගන්න යෙදූ සුන්දර වචනයක් මිස වෙනත් වැදගත් දෙයක් එහි නැහැ. තිර ටිකක් එල්ලනවා. ඒවා ජීවිතේට හෝදන්නේ නැහැ. ගඳේ බැහැ. ඊට අමතරව අහන්න බැරි සින්දු දානවා කන් හිරි වැටෙන්නම... සාමාන්‍ය බස් එකමයි යොදවන්නේ... පාන්දරට විතරක් ඒසී. ඕක තමයි මේ රටේ බස් කාරයින්ගේ අර්ධ සුඛෝපභෝගී බස් කියන්නේ. සාමාන්‍ය බස් එකේ ගාස්තුවලට වඩා ගාස්තු වැඩියි. මේ අයට බස් මගින් ගසාගෙන කන්න ඉඩනොදී, ආසන ගණනට සාමාන්‍ය බස් ධාවනය කිරීමට ඉඩදෙන්න...
හයිවේ එකත් කන්න හදන්නේ මේ ලේලන්ඩ් බස් දාලා....
අර්ධ කියා කිව්වත් සුඛෝපභෝගි යන්න ගෙවිලවත් නැහැ. මේ ප්‍රෝඩාකාරී බස් සේවාව සහමුලින්ම නැවත දීමමයි හොඳ... ඒවට සාමාන්‍ය ගාස්තු යටතේ ක්‍රියාත්මක වන්න අවසර දෙන්න.
ජනෙල්, තිරරෙදි නැත්නම් ඕවාත් සාමාන්‍ය බස් තමයි. අර්ධ සුඛෝපභෝගී කියලා මගීන් රවට්ටනවා....
තව ටිකදවසකින් මෙයා බක්කි කරත්ත දාන්නත් අවසර ඉල්ලයි අධිවේගයට...
මගමරුවා සේවයෙන් මිනීමරන්න ඉල්ලන්නේ රේස් ගිහින්...!
අර්ධ තියා කාලක්වත් නෑ.... සුඛෝපභෝගී...!
මෙයා .සභාපතියා හින්දා බස්වලින් ගාණක් හම්බ වෙනවා.ඒ ගමන්ම තමුන්ගේ බසුත් දාලා හම්බකර ගන්ඩ හිතාගෙන ඇති ?
අර්ධ සුඛෝපභෝගී කියන එක අහෝසි කරන්න. තනිකරම ගසාකෑමක්.
මෙිකා එන්නේ හොදකට නොවෙයි.
ලේලන්ඩ් ලොරි බස් මාෆියා කාරයා. බස් වල කොලිටිය තුච්චයි. මිනිහෙක් විරුද්ධව කතා කලොත් බැහැලා යන්න කියනවා. ගැමුණු උබ වැඩට යන්නෙත් ලේලන්ඩ් ලොරි බස් එකකද? හිටන් යන එකාටයි, ඉදන් යන එකාටයි , එල්ලිලා යන එකාටයි , ඇබරිලා යන එකාටයි , එකම ගාණ. පට්ට අසාදාරණයි. සහසර ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැත්තෙත් මේ ලොරි බස් මාෆියා කාරයෝ තමා.