
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ සිදුවූ අනතුරු වැලකින් වාහන විසි හයකට ආසන්න සංඛ්‍යාවකට අලාභ සිදු වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
අලාබ වු වාහන අතර මෝටර් රථ 22 ආසන්න ප්‍රමාණයක් වන බව පොලිසිය සඳහන් කරයි.
ගාල්ල සිට කොළඹ බලා ගමන් ගත් වාහන කිලෝමීටර් 32 හා 35 අතර දී තැන තැන සිදු වූ අනතුරු හයකින් මෙම අලාභ සිදු වී ඇත.
සිදු වු අනතුරුවලින් කිසිවෙකුටත් තුවාල හෝ අධිවේගී මාර්ගයෙහි දේපළවලට අලාභ සිදු වී නැති අතර බහුතරයක් වාහනවල ඉදිරිපස සහ පිටුපස ප්‍රදේශවලට අලාභ සිදුවී ඇත.
වාහන අතර පරතරයක් තබාගෙන ධාවනය නොකිරීම හේතුවෙන් මෙම අනතුරු සියල්ල සිදුවී ඇතැයි එම පොලිස් නිලධාරියෙක් කීය.
දක්ෂිණ අධිවේගී රථ රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනයක් නැති අපේ උන්ට හරි යන්නේ බක්කි කරත්ත තමයි
ලංකාවේ රියදුරන් වැඩි දෙනෙක් අධිවේගී මාර්ග වල වාහන පැදවීමට කිසිම පල පුරුද්දක් නැති යයි.
අනතුරක් වළක්වා ගන්න තමා ශෝල්ඩර් එකක් දාන්නේ. කොහෙද හයිවේ හදපු අය ශෝල්ඩර් ලේන් එකට ලැබුණු සල්ලි ගසාකාලා දැන් අපි තාම විඳවන්නේ...
මේ රටේ විශ්ෂයෙන් මේ කොළඹ වාහන එලවන්නේ උන්මත්තකයින් රැලක් කියන එකට හොඳම උදාහරණයක් තමයි මේක. මේ නරිරැළ තමයි කොළඹදී අරෙහෙන් දමන්නේ, මෙහෙන් දමන්නේ තත්පරේ පරක්කුවට හෝන් එකේ උඩ හිටගන්නේ...!! ඇත්තම කියනවා නම් මේ අයට හයිවේ අත්දැකීම් නැහැ... හයිවේ එලවන්න හදන්නෙත් මෙහෙ එලවන විදියට මිනිහෙකුට කරදරයක් වුණාම හිනාවෙන එක වැරැදියි. නමුත් මේ අයට නම් නියම පරිප්පුව...!!!
කිසිම විනයක්, හික්මීමක් නැති අය අධිවේගයේ ඉගිල්ලෙන්න ගිහිල්ලා වෙච්වි දේ...