(අංජුල මහික වීරරත්න)
අධිවේගී මාර්ගයන්හි කාර්යබහුල වේලාවන්හිදී ගාස්තු වැඩි කිරීම හරි අධ්‍යනයකින් කළ එකක් නොවන බව පෙනෙන්නේ යැයි සංවර්ධන උපාය මර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද (08) පැවැසීය.
මෙවර අයවැයෙන් කාර්ය බහුල වේලාවන්හිදී ගාස්තු වැඩි කිරීම හරි දැයි මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
මෙම යෝජනාව පිළිබඳව තවදුරටත් සාකච්චා කරන බව කි නියෝජ්‍ය අමාත්‍යවරයා එලෙස ගාස්තු වැඩි කිරීම හරි ක්‍රමවේදයකින් නිසි පරීක්ෂණයකින් කළ දෙයක් නොවන බවද කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාගේ අදහස හරියට හරි කාර්යබහුල වෙලාවල් වල මිනිස්සු මාර්ග තදබද අඩු කරගන්න , අධිවේගී මාර්ග භාවිතකරනවා, අධිවේගී මාර්ග රටේ ඇතුලතින් පිහිට තිබෙන නිසා ඔවුන්ට මේ සදහා සමහර වෙලාවට කිලෝමීටර් 5-10 වැඩිපුර ගමන් කරන්න වෙන්න පුළුවන්. මේ අධිවේගීමාර්ග නිසා, කොළඹ නගරයේ සහ ගාලු- කොළඹ මාර්ගයේ වාහන තදබදය සැහෙන දුරට සමනය වෙලා. මේ විදිහට කුඩා දුර ප්‍රමාණයටත් රුපියල් 100 කින් මිල වැඩි කරන්න ගියොත් මිනිස්සු මේවා භාවිත කරන එක අඩු කරාවී, මෙම බදු වැඩි කරනකොට වාහන තදබදය නිසා අනවශ්‍ය ලෙස දහනය වන ඉන්ධන සහ පරසරයට සිදුවන දුෂණය ගැන මේ කවුරුවත් කිසිම දෙයක් කල්පනා කරලා කරලා නැහැ. ඉන්දන පිරිමසින දෙමුහුම් වාහන වලට විශාල ලෙස බදු ගසන ලෝකයේ එකම රට ලංකාව වෙන්න පුළුවන්. ලෝකයේ අනිත් රටවල් මේ පරිසර හිතකාමී වාහන වලට ගහන බද්ද වෙනත් වාහන වලට වැඩිය අඩු කරනවා .
රටක මොළය වැනි වැදගත්ම මුදල් අමාත්‍යාංශය මෝස්තර නිර්මාණ කරුවෙකුට පැවරීම නිසා මෙවැනි අදූරදර්ශී ක්‍රියා සිදුවීම පුදුමයක් නොවෙයි. විය යුත්තේ සුදුසු දෙයට නිසි සුදුසුකම් ඇති කෙනෙකු පත් කිරීමයි. රටේ ආර්ථිකය සමග මෙසේ නොදන්නා අයට සෙල්ලම් කිරීමට ඉඩදීම රටත්, ජනතාවත් අනුමත නොකරන බව දැන් හෝ වගකිව යුත්තන් දත යුතුයි.
වාහනවලට, පෙට්‍රල් වලට, ලයිසන් වලට ත්‍රී වීල් එකේ සිට පැජරෝ වාහන හිමිකරුවන් ඇති වෙනකල් බදු ගෙවනවා. මෙයාලා ඒවා යටිමඩි ගහලා පාරවල් නඩත්තුව නතර කරනවා. නිසි නඩත්තුව නැතිව ඇති පාරවල්වල ඇති වලවල් වල වැටිලා කැඩෙන වාහන වලට එංගලන්තේ වගේ ආණ්ඩුවෙන් ගෙවන්න වෙන විදියට නීති සකස් විය යුතුයි. කැඩෙන වාහනවලට අමතර කොටස් ගෙනෙන්නේ වෙන රට වලින්, ඒවාට යන වියදමටත් යන්නේ රටේ සල්ලි... මාර්ග නඩත්තුවට කියලා RDA ,PRDA ,වැනි ආයතනවල අතිරික්ත සංඛ්‍යාවක් බදුගෙවන මිනිස්සුන්ගේ සල්ලිවලින් පඩි ගන්නවා. ඒ වුණාට තමන්ට අයිති රාජකාරිය ඇමැතිගේ ඉඳලා රාජ්‍ය නිලධාරියා දක්වා මග හරිනවා. ගන්න පඩියට රටට වැඩක් කරනවලා...
මේක ඉතාමත් හොඳ තීරණයක්. මහින්දගේ බොරු අධිවේගී මාර්ග රටට කිසිම වැඩක් නැහැ. මේවා පාවිච්චි කරන අයට තව බදු වැඩිකරන්න ඕනේ.
අද තමාගේ වාහනයකින් ගමන් ගන්නේ, රටේ අනිකුත් අයට සාපේක්ෂව "ඇති හැකි" අයවලුන්ය. එවැනි අයෙක් රටේ අධිවේගී මාර්ග පිළිසකර කිරීමට ගත් ණය ආපසු ගෙවීම සඳහා යම් මුදලක් වැඩිපුර ගෙවීමේ වරදක් නැති බවයි මගේ අදහස.
සෝමා මහත්මිය , ඔබතුමියට වැරදිලා ඔය අධිවේගී මාර්ග හදන්න පිඹුරුපත් හැදුවේ දැනට අවරුදු 17 කට 18 කට ඉස්සර මහින්ද මහත්මයා පත්වෙනකොට ඕ කේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තිබුනේ. එතුමා කලේ ඉදිකිරිම ඉක්මන් කර නිම කිරීමය. ඔය අධිවේගී මාර්ගය නැති කාලේ අපි කටුනායක ඉඳන් මාතර යන්න පැය 5-6 අතර කාලයක් ගතකලා. අද අධිවේගී මාර්ගේ වහලා දැම්මොත් එකේ යන වාහනත් ගාලුපාරේ යන නිසා පැය 7-8 වත් යාවි කටුනායක් ඉඳන් මාතර යන්න. අද අපි අධිවේගී මාර්ගය භාවිත කරලා මේ ගමන පැය 2 1/2 - 3 අතර යනවා , වැය වෙන්නේ අඩු ඉන්ධන ප්‍රමාණයක්. අධිවේගී මාර්ගය , යුද්ධේ ඉවර කලා වගේ එතුමා ගත්ත හොඳ පියවරක්, මත්තල ගුවන්තොටුපල ඉදිකිරිම එතුමා ගත්ත වැරදි පියවරක්. සෝම මහත්මිය හැමදේටම වැරදි නොකියා හොඳ දෙයට හොඳය කියන්න පුරුදු වෙන්න. යහපාලන ආණ්ඩුවට මේකේ ගාස්තු වැඩි කරන්න පුළුවන් වුනාට තවම බැරි වුන, එක කොටසක් වත් අලුතෙන් මේකේ නිම කරන්න, කඩවත දක්වා කොටස ඒගොල්ල විවෘත කලාට හැදුවේ මහින්ද
අති ආත්මර්ථකාමිත්වයෙන් පිරුණු බහුතරයක් ඉන්න මුහුණු පොතේ අදහස් වලින් රට හදන්න ලොකු කතා දුන්නට වැඩ නැති මිනිස්සු ඉන්න ලංකාව වගේ රටවල හුස්මටත් බද්දක් ගහන්න ඕනෙ හරි නම්. තව බදු පිට බදු ගහන්න ඕනෙ. ඒ තරමටම නිකමො ඉන්න රටක්
ලංකාවේ තිබෙන අධිවේගී මාර්ග, අධිවේගී මාර්ග කියල නම් කරන එක විහිළුවක් , ජෙර්මනියේ සහ යුරෝපයේ සමහර රටවල නගර වලින් පිටත ගම්බද මාර්ග වල පැයට කිලෝමීටර් 100 කට ගමන් කරන්න පුළුවන්..., ලංකාවේ තිබෙන ඒවා සීඝ්‍රගාමී මාර්ග කියලා නම් කළා නම් හොඳ බව මගේ අදහසයි.
දැන් අැඹුල් තියල් ගණන් වැඩිවෙයි. අැඹුල් තියල් කන්න හිටපු අයට නෙලුම් කුළුණ තියෙනවා පැනලා මැරෙන්න ඕනේ නං ඔන්න. අනුර අයියගෙන් හරි ටිල්වින්ගෙන් හරි කරන හැටි උපදෙස් ගන්න පුළුවන් ඕන්...
ඔය සෝම කියලා ලියන කෙනා කන්නේ තණකොළද?