
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොල් තෙල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් අද (26) දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම කොලමැදිරිය ප්‍රදේශයේදී පෙරළීයාමෙන් රියදුරු හා සහායක බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
සිදුවූ අනතුරෙන් බවුසරය දෙකට වෙන්වී බරපතල අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි. බවුසරයේ ටැංකියේ තිබූ පොල් තෙල් කිලෝ 13,000කින් බහුතර ප්‍රමාණයක් අධිවේගී මාර්ගයේ සහ ඉන් පිටත ගලා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලද දෙදෙනා කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධිපීඩන ජල බවුසර මගින් මාර්ගයේ සෝදා පිරිසුදු කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd