(නිමල කොඩිතුවක්කු)
අධ්‍යාපනයට, සෞඛ්‍යට මුදල් වෙන් කරනවා වෙනුවට මෙවර අයවැයෙන් ජනතාව මර්ධනය කිරීම සදහා පොලීසියට සහ ආරක්ෂක අංශවලට වැඩිපුර මුදල් වෙන් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවැසීය
ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත්වලට සහ මර්දනය සදහා කරන සූදානමට එරෙහිව ජනතාව සංවිධානය කරන බවද ඔහු සදහන් කළේය. බත්තරමුල්ල ප‍්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මෙසේද කීය.
‘‘ආර්ථික අර්බුදයක් පවතින සහ ඒ අර්බුදයේ විශාල පීඩාවක් සාමාන්‍ය පහළ පන්තික ජනතාව මත පටවා තිබෙන අවස්ථාවක 2019 අයවැයට අදාල විසර්ජන පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් ගෙනත් තිබෙනවා.
මේ විසර්ජන පනත් කෙටුම්පත අනුව, 2019 රාජ්‍ය වියදම ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා රුපියල් බිලියන 4376ක්. ඇස්තමේන්තු කළ රාජ්‍ය ආදායම රු. බිලියන 3332ක් බව මෙහි සදහන් වෙනවා. ඒ නිසා රුපියල් බිලියන 644ක අයවැය හිගයක් මේ තුළ දකින්න තිබෙනවා.
පහුගිය අවුරුද්දෙ ඇස්තමේන්තු කරපු රාජ්‍ය වියදම රු. බිලියන 3982ක් සහ රාජ්‍ය ආදායම රු. බිලියන 2175ක් වුණා. ඒ අවුරුද්දෙදි රු. බිලියන 1893ක අයවැය හිගයක් තිබුණා. රාජ්‍ය වියදම සුලූ ප‍්‍රමාණයකින් වැඩි කරලා, රාජ්‍ය ආදායම විශාල ප‍්‍රමාණයකින් වැඩි කරලා අයවැය හිගය 1/3කින් පහත දමාගන්න ආණ්ඩුව කටයුතු කරන බව පෙනී යනවා.
2016 ජාත්යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.5කණය මුදලක් ලැබුණා. ඒ ණය මුදල ගන්න ඔවුන් ලබා දුන් කොන්දේසි තමයි අයවැය හිගය පහත හෙළන්න රාජ්‍ය ආදායම් වැඩිකරන්න රාජ්‍ය වියදම් කපන්න කියලා. බදු නොවන ආදායම් මගින් ඒ වටිනාකම උපදවනවා නම් රාජ්‍ය ආදායම් වැඩි කිරීම ගැන කාටවත් ප‍්‍රශ්නයක් වෙන්නෙ නෑ. නමුත් ආණ්ඩුව ක‍්‍රමානුකූලව බදු නොවන ආදායම අඩු කරමින් ඒ වෙනුවට බදු ආදායම තමයි ඉහළ දමමින් ඉන්නෙ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක වෙළද සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර, අධිරාජ්‍යවාදී මුල්‍ය ආයතනවල පදයට තමයි ආණ්ඩුව නටමින් ඉන්නෙ කියන කාරණාව මින් පැහැදිළි වනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාවටත් මුදල් වෙන් කර යුතුයි
රටක් තිබිලා ඉන්න එපැයි ඉගෙන ගන්න කලින්... හැම සැරේම මෙහෙම තමයි වෙන්නේ..
රටේ ආරක්ෂාව අන් හැම කරුණකට වඩා වැදගත් බව මේ අය නොදන්නවාට අනිත් හැමෝම දන්නවා.
අයවැය හිගය පහත හෙළන්න රාජ්‍ය ආදායම් වැඩිකරන්න රාජ්‍ය වියදම් කපන්න කියලා කියන එකේ වැරැද්ද මොකද්ද?
ඒ කරලත් ආවා කල්ලිය කල්ලි 4-5 වෙනකල් වැඩි වෙන තරමට දියුණු වෙලා
පොලිසියට සහ හමුදාවන්ට අලුතින් බඳවාගැනීම් දිගටම කරනු ලබනවා. ඊට අමතරව ඔවුන්ගේ වැටුපද වැඩි කළා. ඔය ආරක්ෂක අංශයට මුදල් වෙන් කරන්නේ ඔය සියලු වියදම් වලටත් එක්ක.
අාරක්ෂාවට මුදල් වෙන් නොකලොත් නූගතුන් ගෙන් සැදුම් ලත් එන්.ජී.ඕ කල්ලි අපේ රට ඉතිරි කරයිද.?