(මුදිතා දයානන්ද)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාගය සිදුකරන ආකාරය හා ලැබෙන තීන්දුව ගැන කල්තියා ප්‍රකාශ කරමින් අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව නඩුවක් ගොනු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (22) පැවසිය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාග කරන්නේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ වන අතර ඒ පස්දෙනාගෙන් තුන්දෙනෙක් තමගේ පැත්තට සිටින බවට රංජන් මහතා ප්‍රකාශ කරන්නේ කෙසේද යන ප්‍රශ්නයක් සමාජය තුළ මතුවී තිබෙන බව ගම්මන්පිල මහතා පැවසීය. ඒ අනුව නීතිය පිළිබඳ අවිශ්වාසයක්ද ජනතාව තුළ ඇති විය හැකි බවද ඔහු පැවසීය.
මෙය ශ්‍රේෂ්ඨාධිකරණයට කරපු අපහාසයක් බැවින් ඒ පිළිබඳව තමන් රංජන් රාමනායක මහතාට එරෙහිව නඩුවක් ගොනු කරන්නට බලාපොරොත්තු වන බවද ගම්මන්පිල මහතා පැවසීය.
රංජන්ගේ මහතාගේ මේ ප්‍රකාශය නිසා සමාජ ජාලා කැළඹි ඇති බවද මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ ආගමික විශ්වාස, විවාහ සබඳතා, දරුවන්ට රැකියා ලැබුණ ආකාරය ආදී දේවල් පිළිබඳව සමාජ ජාලා තුළ ඉතිහාසයේ සිදුනොවු ආකාරයට සංවාදයට ලක්වෙමින් තිබෙන බවද ඔහු පැවසීය. ඒ අනුව නිතියේ ආධිපත්‍යය රැකගැනීමට නම් මේ නඩුව පිලිබඳව ලබාදෙන තීන්දුව කුමක් වුවත් රටේ ජනතාව එය දොහොත් මුදුන් දී තබා භාරගන්න පසුබිම සැකසුණේ නැතිනම් රට පුරා කැරළිකාරී තත්ත්වයක් ඇති විය හැකි බවද ඔහු තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි ඉතින් කියා කියා ඉන්නේ? නඩුව ගොනු කරල බලාගෙන ඉන්න.
ඉතාම හොඳ වැඩක්.
දාලා තියෙන නඩු ගොඩ කවදා ඉවර කරන්න පුළුවන් වෙයිද මන්දා
රට අරාජික වෙලා ඉවරයි. ගම්මන්පිලලා හිතනවානම් ඔවුන් දිනුවා කියා ඒක තමයි ලොකුම මුලාව ..
"නිතියේ ආධිපත්‍යය රැකගැනීමට නම් මේ නඩුව පිළිබඳව ලබාදෙන තීන්දුව කුමක් වුවත් රටේ ජනතාව එය දොහොත් මුදුන් දී තබා භාරගන්න පසුබිමක් …" ඔන්න යන්තම් සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන්. නීතියේ ආධිපත්‍යය නහුතෙටම රැකල දෙන්න ඕනැ කියල හිතන සැබෑ දේශප්‍රේමියෙක් පහල වුණා. අනේ සාදු.
රංජන් මහතා හැමවිටම බොරු නොකියන බව පොලොවෙි පස් කාල කියන නිසා මෙක අැත්තක් වෙන්නම ඔනා. නඩුව අහන්නත් කලින් රිසටි එක නිළ නොලත් අාකාරයට 2/3 න් ලෙස ලැබීම නමි සතුටුයි. හිත හදගෙන්න අයට හිත හදාගන්න කාලයක් ලැබුණා.එත් අධිකරණයෙ ස්වාධීන බවට වෙන හානිය නම් සුලුපටු නොවෙි. හැම තිස්සෙම රංජන් මහතා විනිසුරුවරුන් දූෂිතයි කියලා පුන පුනා කියන නිසා මෙම පුකාශය හරි වෙන්න පුලුවන් නේද..? බටහිර ගැත්තන් එක්ක එකතු වෙළා අධිකරණයෙ බලයත් කථානායකවරයාගෙ බලයත් අයුතු ලෙස යොදවා තවත් පුජාතන්තුුවාදයක් ගැන කථා කිරීම නමි විහිළුකි. අධීකරණයට අපහසයක් නොව මෙම පුකශය නිසා සමස්ථ අධිකරණය පද්ධතියේම මළ ගම රංජන් නමි වන්ෂොටි කර අැත. අර හාමුදුරුවන්ට අපහස කිරීම නිසා වසර ගණනක සිර දණ්ඩුවමක් ලබා දුන්නා නමි මොහුට දිය යුත්තෙ මරණ දණ්ඩුවමයි. නැත්නමි මේ අධිකරණයට කල කැලල මැකී නොයනු අැත.
මේ ඓතිහාසික ඉදිරි තීන්දුව සඳහා විනිසුරු මඩුල්ලට හේත්තු කරන්න හදන හිටපු අගවිනිසුරු වරියක් අර හිටපු ලේකම් තුමාගේ නඩුවලින් බැහැර වී ගියා නේද ? එහෙම බැහැලා ගිය කෙනා මේ ඉදිරි තීන්දුවට හා එන්නම් කියා විනිසුරු මඬුල්ලට හේත්තු වුනොත් තීන්දුවට වෙන ආනිසංසය රන්ජන් කීවේ ඇත්ත නොවේද ???
නඩු ගියාට කවුරුවත් තමුසෙව ගණන් ගන්නේ නැහැ.