ඩී.ජී.සුගතපාල
රටේ උද්ගතව ඇති තත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති උපදෙස් සැළකිල්ලට ගැනිමේදි ඒ අනුව කටයුතු කිරිමට ගාල්ල අධිකරණ කලාපය තුල තිබෙන පහසුකම් අවම නිසා විවෘත අධිකරණයේ කටයුතු පවත්වා ගෙන යාම අප්‍රියල් 30 වනදින දක්වා දැනට අනුගමනය කරන ක්‍රියා මාර්ගය අනුවම වෙනසකින් තොරව පවත්වාගෙන යා යුතු බවට අද (20)රැස්වු ගාල්ල නිතිඥ සංගමයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කලේය.
මෙම තීරණය නිතිඥ සංගමයේ ලේකම් සමිත් ගාල්ලගේ මහතාගේ අත්සනින් යුතුව ගාල්ල අධිකරණ කලාපයේ සියලුම විනිසුරුවරුන් වෙතද අධිකරණ සේවා කොමිෂන් සභාව වෙතද සියලුම නීතිඥවරුන් වෙත හා ශ්‍රි ලංකා නිතිඥ සංගමය වෙතද යවා ඇත.
නිතිඥ සමිත් ගාල්ලගේ මහතා පැවසුවේ නිතිඥවරුන් ඔවුන්ගේ කාර්යාල සහ අධිකරණ කාර්යාලවල රාජකාරි කරන සියලු දෙනාද සේවා දායකයින්ද පොදු මහජනතාවද සම්බන්ධයෙන් සළකා බලා මෙම තීරණය ගත් බවය.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පිටු 34කින් යුතුව නිකුත් කරඇති උපදෙස් මාලාව අවම වශයෙන් සියයට පනහක් හෝ පිලි පැදිම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සහ අවශ්‍ය ද්‍රව්‍ය පහසුකම් මෙතෙක් සපයා ගැනිමට නොහැකිවි ඇති බැවින් විවෘත අධිකරණයේ කටයුතු අදාල චක්‍ර ලේඛනයේ සඳහන් පරිදි පවත්වා ගෙන යාම විනිසුරුවරුන් නිතිඥවරුන් සේවා දායකයින් කාර්ය මණ්ඩල අවදානම් තත්වයකට පත්විමක් බවද ඒ මහතා පවසයි.
එනිසා විවෘත අධිකරණයේ කටයුතු ඉදිරි සති දෙකක කාලයද දැනට අනුගමනය කරන ක්‍රියා මාර්ගයම පරිදිම පවත්වා ගෙන යාම සුදුසු බවට තම සංගමයේ විධායක සභාව තීරණය කල බවද නිතිඥ සමිත් ගාල්ලගේ මහතා පැවසිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අධිකරණ කටයුතු සති දෙකකට කල් තබන්නැයි ගාල්ල නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්