(අංජුල මහික වීරරත්න)
කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය අවලංගු කර ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කරමින් මීට පෙර ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි.
පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශය,ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය,කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය,නීතිපති දෙපාර්තමේන්තුව,ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය,නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය,අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානය,කොම්පඤ්ඤ වීදිය ගුවන් හමුදා මූලස්ථානය,මල්පාර අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය,කොල්ලුපිටිය අරලියගහ මන්දිරය,ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස ප්‍රදේශ,අධි ආරක්ෂිත ප්‍රදේශ ලෙස එම ගැසට් නිවේදනයෙන් නම් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨා බයේ වගේ රනිලුත් රිවර්ස් ගියර් එක පාවිච්චි කරනවා වගේ. පරිස්සමෙන් රිවර්ස් කරන්න...!
රටක පාලකයෙක් වුණාම තීන්දු තීරණ ගන්න කොට මීට වඩා දුර දිග කල්පනාවෙන් කළ යුතුයි...
රට ඉන්න ටිකේ ගෝලයෝ පුටුවෙ වාඩිවෙයි කියලා නේද ඕක දැම්මේ. බය වෙන්න එපා දැන් ඉතුරු වෙලා තියෙන්නේ හපේ විතරයි. කොහෙවත් යන මෝඩියෙක් පරණ පවකට කරගැහුවොත් මිසක් දන්න කියන මොලේ තියන කෙනෙක් ඕකෙ වාඩි වෙන්නේ නැහැ දැන්.
මේක හරියට පරණ බිල්ඩිමකට තීන්ත ටිකක් ගාලා විවෘත කරනව වගේ වැඩක් නේ. තමන්ම නීතියක් දාලා තමන්ම ඒක වත් කරලා පත්තරේ පොටෝ එක දාගන්නව.
මෙයාගේ අනෙත් වැඩත් ඔහොම තමා.
Mr. Gazette reverse No 2.
දැන් ඔය සංදර්ශන හුඟක් පරණයිනේ... ඒ ඉස්සර තමයි ඔයවගේ ඇස් බැන්ඳුම් බලලා හුරේ දාලා ගිහින් කතිරෙ ගැහැව්වේ... කරුමෙට දැන් කොණ්ඩෙ බැඳපු චීන්නුත් නැහැ.
Downfall of the government will start from hear but it is good that this gazette was reversed as a Democratic country.
It has been a habit of presidents, to keep cancelling their own Gazzet notifications. Keep going.
ලැජ්ජයි සර් ලැජ්ජයි. හිටපු ජනාධිපතිත් ගොන් ගැසට් ගහල එයාම ඒවා ගොන් බව තේරුනාම අකුලාගත්තා.
නීති විරෝධීව රංචු ගැහිලා රජයේ දේපළ හෝ පොදු දේපළ විනාශ කරන්නන්ට එරෙහිව කටයුතු කරන්න පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය තියෙනවා. ඒකට අධි ආරක්ෂක කලාප වෙන් කරන්න ඕනා නෑ.
ගෝඨාභයට වැඩිය හපන්...!
සමනල දඩයම.
අවලංගු වෙච්ච කාසියක් තවමත් භාවිතා කරන රටක්.. ! දැන් කාලේ ඇවිල්ලා යන්න.
අධි ආරක්ෂිත කලාප ඇතුලේ රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍යවේදීන් පවා ඝාතනය කෙරෙව්වා. බලාගෙන ගියාම රනිලුත් ඊට දෙවෙනි නැහැ. ත්‍රස්තවාදීන්ට වැඩිය අන්තයි...
වගකීමකින් වැඩක් කරන කෙනෙක් අපිට කවදා ලැබෙයිද? අනිත් වැඩගැන කවර කතාද? උපදේශකයින් ඉන්නේ මොකටද? ඔවුන්ටවත් තේරෙන්නේ නැද්ද මේ වගේ ගොන්වැඩ නොකරන්න උපදෙස් දෙන්න. ගෝඨාභය මහත්තයාගේ උපදේශකයින්ද මන්දා තවම ඉන්නේ...? මේ රටේ මිනිස්සු විහිළුවකට අරගෙන දැන්...!
ලංකාවේ තියෙන්නේ අති සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක්නේ...?
පින් ජනපති ගැසට් ගැහිල්ලයි, අකුලා ගැනිල්ලයි, මළ ගෙවල්වල යාමයි හැරුණාම හරියට කරපු වැඩක් නැහැ...