අද පාර්ලිමේන්තුව පැය පහකුත් මිනිත්තු තිහක කාලයක් පුරා පැවැත්විණි.දහවල් 1.00ට කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ වීමෙන් පසු පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ විය.
පාර්ලිමේන්තුවේ දී ඇතිවූ තත්ත්වය ගැන අදහස් දැක්වීමෙන් පසු පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ආශු මාරසිංහ මන්ත්‍රීවරයා විසිනි. දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක ක්ෂේත්‍රයේ කඩා වැටීම ගැන විවාදය පැවැත්විණි.
දීර්ඝ වේලාවක් පුරා පැවැති විවාදයේ අවසාන කථිකයා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාය.
කල්තැබීමේ විවාදයෙන් පසු පාර්ලිමේන්තුව යළි 29 වැනි දා උදෑසන 10.30ට රැස්වන බව මූලාසනායේ සිටි නියෝජ්‍ය කතානායකවරයා නිවේදනය කිරීමත් සමඟ සභාවේ අදට නියමිත වැඩ කටයුතු අවසන් විය.
අද දිනයේ ද මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ මන්ත්‍රීවරු කිසිවෙක් සභාවට නොපැමිණියහ.
පාර්ලිමේන්තුවේ ඇතිවූ කළහකාරී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කරන ලෙසත් විශ්වාස භංගයෙන් පරාජය වූ පාර්ශ්වයේ පිරිස අගමැති සහ ඇමැතිවරුන් ලෙස හඳුන්වන පිරිස් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙසත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේද හම්බන්තොටද?
ඔය රාජපක්ෂ කල්ලිය නාවට කමක් නැහැ සභාව කරගෙන යන්න කථානායකතුමනි...